පාසල් සහ අධ්‍යාපනය සම්බන්ධයෙන් අලුත්ම වෙනසක්..ජනපතිගෙන් දැනුම් දීමක්.(VIDEO)(UPDATE).

Sri Lanka Parliament Political Mahinda yapa Mahinda Rajapakshe Gotabaya Rajapakshe
By Aruna Jan 18, 2022 04:04 AM GMT
Aruna

Aruna

Report

Update: 11.00 a.m

පාර්ලිමේන්තුව හෙට පස්වරු 1.00 දක්වා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කල් තබනු ලැබුවා.

Update: 10.59 a.m

රටේ වත්මන් අභියෝග ජයගැනීම සඳහා නායකත්වය ලබාදීමට සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. "ජනතාව අපේක්ෂා කරන සෞභාග්‍යය සැළසුම් ක්‍රියාත්මක කරනවා.

ඉදිරි වසර කීපය ඇතුළත කලාපයේ වැඩියෙන්ම සංවර්ධනය වන රටක් බවට ලංකාව පත් කිරීම අපේ සැලසුමයි.කර්මාන්ත සේවා සහ කෘෂිකාර්මික අංශ වල සියලු සංවර්ධන සැලසුම් අප ක්‍රියාත්මක කරනවා.

අප මේ රටේ වර්තමාන භාරකරුවන් පමණයි .අද අප කටයුතු කරන ආකාරය මත අනාගතය තීරණය වෙනවා. ඒ නිසා අප සියලුම දෙනා අනාගත පරම්පරාවට වගකිව යුතුයැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජාසන කතාව කථාව අවසන් කරමින් කීය.

පුරා පැයකට ආසන්න කාලයක් ජනාධිපතිවරයා රාජාසන කතාව පැවැත්වීය.

Update: 10.57 a.m

මේ වසර ඇතුළත ඩිජිටල් හැඳුනුම්පතක් හඳුන්වාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවේදී පැවසීය.

ශීඝ්‍රයෙන් සිදුවන ඩිජිටල්කරණයට සමගාමීව ඊට අදාළ නෛතික වටපිටාවද යාවත්කාලීන කිරීමට අප කටයුතු කරනවා.

දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පතට මෙන්ම සයිබර් ආරක්ෂණ පනත් කෙටුම්පතට මේ වන විට කැබිනට් අනුමැතිය ලබාදී තිබෙනවා.

අනාගත ලංකාව තාක්ෂණයෙන් බල ගැන්වුනු රටක් බවට පත්කිරීම අපේ අරමුණයි.ලෝකයේ ඕනෑම රටක් සමග තරග කළ හැකි වටපිටාවක් අනාගත පරපුරට ලබා දීම ලබා දීම අපේ අරමුණයි.

Update: 10.50 a.m

රාජ්‍ය විශ්වවිද්‍යාල ධාරිතාව වැඩි කරන අතර ඉහළ ඉහල ප්‍රමිතියෙන් යුතු රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල ඇරැඹිය යුතු දැයි සාකච්ඡා කරන ලෙස පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"රටේ සෑම ප්‍රදේශයකටම අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබාදීමට අප මේ වන විට කටයුතු කර තිබෙනවා. ඉතා කෙටි කාලයක් ඇතුළත සෑම පාසලකටම අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබාදීමට අප කටයුතු කරනවා.

ඊ තක්සලාව සංකල්පය රාජ්‍ය විශ්ව විද්‍යාල වලටත් දැන් විවෘත කර තිබෙනවා .

Update: 10.46 a.m

නව ලොවට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"පාසල් අතර පරතරය අවම කිරීම සඳහා ඉදිරියේදී සෑම පාසලකට ම මූලික පහසුකම් ලබාදීමට ලබාදීමට කටයුතු කරනවා. තාක්ෂණ අධ්‍යාපනයේ වැදගත්කම අප හොඳින්ම හඳුනාගෙන තිබෙනවා.

තාක්ෂණ සහ විද්‍යා විෂය හදාරන සිසුන් සංඛ්‍යාව වැඩි කිරීම සඳහා ප්‍රතිපාදන වෙන් කොට තිබෙනවා. සෑම විශ්ව විද්‍යාලයකම ධාරිතාව වැඩ කිරීමට කටයුතු කරනවා.

විශ්වවිද්‍යාල සඳහා අලුතින් සිසුන් දසදහසක් බඳවා ගැනීමට අපට හැකියාව ලැබුණා.

...........................................

වාහන ගන්න ඉන්න අයට සුබම ආංචියක්.. ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ මෙන්න.(VIDEO)(UPDATE)

Update: 10.42 a.m

ඉදිරියේදී වාහන ආනයනය සඳහා අවසර දෙන විට විදුලි බලයෙන් ධාවනය වන වාහන සඳහා ප්‍රමුඛතාව ලබා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

හැකිතරම් පුනර්ජනනීය බලශක්තිය පාවිච්චි කරන්නට අප කටයුතු කළ යුතුයි .

කර්මාන්ත මුහුණ දෙන බරපතළම ගැටලුව වන්නේ බලශක්ති පිරිවැයයි .

2030 වන විට බල ශක්ති අවශ්‍යතාවයෙන් සියයට හැත්තෑවක් පුනර්ජනනිය බලශක්තියෙන් ලබා ගැනීමට අප එකඟ වී තිබෙනවා.

මින් ඉදිරියට ගල් අඟුරු බලාගාරය ඉදිකිරීමට මොනම හේතුවක් නිසාවත් අවසර දෙන්නේ නැහැ.

Update: 10.38 a.m

හරිත කෘෂිකර්මය ක්‍රියාත්මක කිරීමේදී යම් ගැටලුවලට මුහුණ දෙන්න සිදුවුණේ අරමුණ හරියාකාරව සන්නිවේදනය නොවීම නිසා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. "යම් වැරදි වැටහීමක් ඇති වුණා .

හරිත සංකල්පය යන යන සංකල්පය වගකිවයුත්තන් පවා කාබනික පොහොර සංකල්පයට ලඝු කිරීමෙන් වැරදි පණිවිඩයක් සමාජයට ගියා.

ඒ සමහර තීන්දු මහජන දුෂ්කරතාවයන්ට හේතු වූ නිසා යම් වෙනස් කිරීම් කරන්නට අපට සිදු වුණා. සිදුවූ අඩුපාඩු නිවැරදි කර ගැන වඩා ඵලදායී ලෙස ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමට අප බලාපොරොත්තු වෙනවා.

ජෛව පොහොර භාවිතය ප්‍රවර්ධනය කොට වස විසෙන් තොර කෘෂි නිෂ්පාදනය සඳහා ජාත්‍යන්තර වෙළෙඳ පොළක් නිර්මාණය කර ගැනීම අපගේ අරමුණයි

Update: 10.37 a.m

රටේ විදේශ සංචිත අඩු වුණේ ආණ්ඩුවේ ආන්ඩුවේ පාලනයෙන් තොරව සිදු වූ ක්‍රියාදාමයක් නිසා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවේ දී පැවසීය.

අප මුහුණ දී ඇති බරපතලම ගැටලුව වන්නේ විදේශ විනිමය ගැටලුවයි. ආණ්ඩු ගණනාවක් මුහුණ දුන් මෙි ගැටලුවේ උච්චතම අවස්ථාවක අප මුහුණ දී සිටිනවා.

අප රට බාර ගන්නා විට සංචිත තිබුණේ ඇමෙරිකා ඩොලර් බිලියන 7.2 පමණයි . මේ දක්වා පැවැති සියලු රජයන් වල ණය අපට ගෙවන්නට සිදුවී තිබෙනවා.ආනයන සීමා කිරීමේදී ජනප්‍රිය නොවන තීන්දු ගන්නට සිදුවුණේ රටේ මුදල් ඉතුරු කර ගැනීම සඳහායි.

corona නිසා නිසා සංචාරක ආදායම නැති වුණා.විදේශගත ශ්‍රමිකයන් එවන මුදල් අහිමි වුණා. රට වසා තැබීම නිසා විදේශ ආයෝජන ලබා ගැනීමට නොහැකි වුණා.සංචිත අඩු වුණේ අපේ පාලනයෙන් තොරව සිදු වූ මේ ක්‍රියාදාමය නිසයි.

Update: 10.32 a.m

2022 යනු ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් තීන්දු තීරණ රැසක් ගන්නට සිදු වන වසරක් මම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවේදී පැවසීය.

වගා කළ හැකි සෑම ගොඩ මඩ ඉඩමක්ම යොදාගනිමින් සියලුම දෙනා එක්ව වගාව වගාව සංගමයක් ආරම්භ කළ යුතුව තිබෙනවා.පුරන් කුඹුරු වගා කිරීම සඳහා තරුණ පරපුරෙන් සහාය අපට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනවා.

Update: 10.27 a.m

රටේ ආර්ථික ක්‍රියාවලිය ක්‍රමයෙන් සාමාන්‍ය අතට පත්වෙමින් තිබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අප හමුවේ තවත් අභියෝග රැසක් තිබෙනවා ඒවා නිරාකරණය කර ගැනීම සඳහා කෙටිකාලීන සහ දිගුකාලීන කෙටි කාලීන සහ දිගු කාලීන විසඳුම් අවශ්‍යයි . ජනතාව මුහුණ දෙන මුහුණදෙන ආර්ථික දුෂ්කරතා අප හොඳින්ම වටහා වටහා ගෙන තිබෙනවා.

මේ වසර අවසානයේ දීම රුපියල් බිලියන 220 ක සහන පැකේජයක් ලබා දීමට අප කටයුතු කර තිබෙනවා.අභියෝග මැද වුවත් මේ සහන දෙන්නෙ රජය මේ ප්‍රශ්න ගැන සංවේදී නිසයි .

Update: 10.24 a.m

ජනතාවට බරක් නොවන කාර්යක්ශම අධිකරණ සේවයක් ස්ථාපිත කරන බව ජනාධිපති ගෝඨාභය ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

නීතියේ ප්‍රමාදය නිසා පීඩා විඳින ජනතාවට විසඳුම් ලබාදීමටත් ආයෝජන කේන්ද්‍රස්ථානයක් ලෙස ලංකාව කේන්ද්‍ර ස්ථාන කිරීමේ නීති හඳුන්වා වීමත් අප සිදු කරනවා.

වඩාත් කාර්යක්ෂම යුක්තිය පසිඳලීමේ කටයුතු සඳහා යල්පැනගිය නීති යහපත් යාවත්කාලීන කිරීමට අප කටයුතු කරනවා.

අධිකරණ පද්ධතිය පද්ධතියේ ඩිජිටල්කරණය කිරීම සඳහා ද අප කටයුතු කරනවා ද තිබෙනවා.අපරාධ නීතිය, සිවිල් නීතිය සහ වාණිජ නීති නීති ප්‍රතිසංස්කරණය යටතේ නීති 98 ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කටයුතු කරනවා.

Update: 10.18 a.m

කිසිම ආකාරයකට මානව හිමිකම් කඩවීම් සිදු කිරීමට ඉඩ නොදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. ජනාධිපතිවරයා මෙසේද කීය.

"අප ජාත්‍යන්තර නීති වලට ගරු කරනවා.පසුගිය කාලයේ ජාත්‍යන්තරයට ගෙන ගිය වැරදි මතයන් නිවැරදි කරනවා. සියලුම ජාතීන්ට සුරක්ෂිත රටක් අප ගොඩ නගනවා.

අප කිසිවිටෙ විටෙක ප්‍රමුඛතා අමතක කරන්නේ නැහැ වසර පහක් ඇතුළත නිශ්චිත වැඩකොටසක් කරන්නට අප පොරොන්දු වුණා.නමුත් අපේ වගකීම් ඉටු කිරීම අප පැහැර හරින්නේ නැහැ.

අප මේ වන විට ජාතික ආරක්ෂාව සුරක්ෂිත කර තිබෙනවා. ජනතාව හා පොලිසිය අතර සබඳතාවය ශක්ති සබඳතාවය ශක්තිමත් කිරීම සඳහා අප කටයුතු කර තිබෙනවා"

Update: 10.18 a.m

රටේ සියලු පුරවැසියන්ගේ ගෞරවය එකසේ ආරක්ෂා කරන අතර ජාතිවාදය ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

"ජාතිවාදය අවුස්සන උස් උගැන්වීම් නතර කරන්නැයි මෙය තවදුරටත් කරන දේශපාලකයන් ගෙන් ඉල්ලා සිටිනවා. රටේ ස්වෛරිත්වය ට සහ ජාතික ආරක්ෂාවට ප්‍රමුඛතාව දෙන අතර ජාත්‍යන්තර ප්‍රජාව කරන නිරීක්ෂණ සඳහා ධනාත්මක ප්‍රතිචාර දක්වන්නට කටයුතු කරනවා.

සෑම රාජ්‍යයක් සමඟම මිත්‍රශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම අපේ අරමුණයි.කිසිදු වෙනස් කමකින් තොරව ජනතාව සඳහා පහසුකම් සැලසීම අපේ සංහිඳියාවෙි අරමුණයි.

උතුරේ ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවීම සඳහා රජය ගන්නා උත්සාහයන්ට සහාය දෙන ලෙස උතුරේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා."

Update: 10.11 a.m

ගෝලීය වසංගතයෙන් පසු සාර්ථක එන්නත්කරනය නිසා රටේ සාමාන්‍ය ජන ජීවිතය නැවත ආරම්භ කරන්නට හැකියාව ලැබී තිබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

ගෝලීය වසංගතයෙන් පීඩාවට පත් ජනතාවට සහන ලබා දෙන්න අප කටයුතු කළා. මොනතරම් දුෂ්කරතා තිබුණත් සෞඛ්‍ය කටයුතු සඳහා පිරිවෙන කරන්නට අප කටයුතු කළා.

රෝහල් පද්ධතියට අලුතින් ඇඳන් තිස් පන්දාහක් එකතු කළා.ගෝලීය වසංගතය පාලනය සම්බන්ධයෙන් බොහෝ රටවලට සාපේක්ෂව අප ප්‍රශස්ත මට්ටමක සිටිනවා.

අපට සාමාන්‍ය ජීවිතය නැවත අරඹන්නට හැකියාව ලැබී තිබෙනවා.විවිධ මත වාද තිබුණත් අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරන්නේ රටේ යහපතයි.ඒ නිසා සැමට එකට එක්ව කටයුතු කරන්නට මහජන නියෝජිතයන් ලෙස අප සැමට වගකීමක් තිබෙනවා.

Update: 10.05 a.m

වත්මන් අභියෝග ජයගැනීම සඳහා සහාය වන්නැයි සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජාසන කතාව අරඹමින් පැවසීය.

ජනාධිපතිවරයා මෙසේද කීය. "උදා වූ 2022 නව වසර රටවැසියන්ට සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නියෝජනය කරන්නේ මහජනතාවගේ හඬයි. ඒ නිසා ඔබ සියලු දෙනා රටට ජාතියට ඔ්ප කියන සුවිශේෂී කණ්ඩායමක්.

ඔබ මෙන්ම, අතීත ජන වරමින් ජනපති ධුරයට පත්වූ මමත් ජනතාවට වගකිව යුතුයි. මට ඡන්දය දුන් මෙන්ම නොදුන් ජනතාව වෙනුවෙන් ද ඒ වගකීමේ වෙනසක් නැහැ.

වත්මන් අභියෝග ජයගැනීම සඳහා සහාය වන්නැයි සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා."

Update: 09.55 a.m

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණිමෙන් පසු අද (18) පෙරවරු 9.50 ට පමණ පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කෙරිණ.

මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ ප්‍රධාන ද්වාරය අසල දී ශ්‍රී ජයවර්ධනපුර, ජනාධිපති බාලිකා විද්‍යාලයේ සිසුවියෝ ජයමංගල ගාථා ගායනා කර ජනාධිපතිවරයාට ආශිර්වාද පළ කළහ.

.............................................

ජනපති පාර්ලිමේන්තුවේ සිදු කරන විශේෂ කතාව...පාර්ලිමේන්තුව සජීවීව නරඹන්න.(LIVE)

09 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය අද (18) උත්සවාකාරයෙන් විවෘත කර තිබෙනවා.

ඉතා චාම් ආකාරයෙන් එම කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇති අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද පෙරවරු 10.00ට රාජාසන කතාව සිදුකිරීමට නියමිතයි.

2022 වසරේ 09 වෙනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය සජීවීව පහතින් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now