කොවිඩ් වසංගතය හේතුවෙන් මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම් එක් දිනකට සීමාවේ (LIVE)

By Wasantha Jun 08, 2021 05:14 AM GMT
Report

පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම අද (ජූනි 08 වැනිදා) පමණක් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය.

ඒ අනුව අද (08) වැනිදා පෙරවරු 10.00 සිට පස්වරු 4.30 දක්වා පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙන බව සඳහන්. අද දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න විමසීම සඳහා කාලය වෙන් නොකෙරෙන අතර දිවා ආහාරය සඳහා සභාව කල් තැබීමක්ද සිදු නොවන බවද සඳහන් වනවා.

මේ වන විට පාර්ලිමේන්තුව රැස්ව ඇති අතර එහි සජීවී විකාශය මෙහි බලන්න...