ප්‍රවේශම් ‌වෙන්න - මෙන්න මේ පළාත්වලට කාළගුණ දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක් !

weather sri lanka gagana news Sri lanka sinhala news today trending news
By krishani Mar 19, 2022 02:41 AM GMT
krishani

krishani

Report

අද දින(19) බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල දිස්ත්‍රික්ක 18කටත් කුරුණෑගල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලටත් ප්‍රබල අකුණු සහිත වැසි පිළිබඳ රතු නිවේදනයක් නිකුත් කළ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකලපුව, මාතලේ, කුරුණෑගල, මහනුවර, කෑගල්ල, නුවරඑළිය, ගම්පහ, බදුල්ල, අම්පාර, කොළඹ, මොනරාගල, කළුතර, රත්නපුර, ගාල්ල, මාතර, හම්බන්තොට ඇතුළු දිස්ත්‍රික්ක 18ක් රතු පැහැයෙන් සලකුණු කර ඇත.

අකුණු මඟින් සිදුවන අනතුරු සහ විපත්වලින් ආරක්ෂා වීමට ප්‍රමාණවත් පූර්වාරක්‍ෂක පියවර ගන්නා ලෙස සාමාන්‍ය ජනතාවට දන්වා ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now