ගිනි ගණන් එළවළුවලට මොකද උනේ ?

sri lanka vegetable prices gagana news Sri lanka sinhala news today trending news
By krishani Feb 06, 2022 03:39 AM GMT
krishani

krishani

Report

පසුගිය සතියට සාපේක‍ෂව එළවළු මිල ගණන් පහත වැටී ඇති බව දිවයිනේ ආර්ථීක මධ්‍යස්ථාන රැසකින් ඊයේ(05) වාර්තා වුණා.

වෙළඳපොළේ පවතින එළවළු මිල පිළිබඳ කළ විමසීමේදී දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් ද විමසා බැලුවා.

එහිදී අනාවරණය වුණේ එළවළු මිල ගණන් පහත බැස ඇති බවයි.

යාපනය අර්ධද්වීපයේ වගා කරන ලද බීට් රූට්වල අස්වැන්න දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානයට ලැබීමත් සමඟ බීට් රූට් කිලෝවක මිල රුපියල් 100 කින් පමණ පහත වැටී තිබෙනවා.

කෙසේ වෙතත් රට පුරා උඩරට එළවළු බෙදා හරින ප්‍රධාන ආර්ථීක මධ්‍යස්ථානය වන කැප්පෙට්පොළ විශේෂ ආර්ථීක මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් යම්තාක් දුරකට ඉහළ ගොස් ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ.

මේ අතර මහ කන්නයේ වගා හානි වූවන්ට සහන ලබාදීමට ජනාධිපතිතුමන් උපදෙස් ලබාදීමත් සමඟ ගොවි ජනතාව මහ පාරට ගෙන වාසි ලබා ගැනීමට විපක‍ෂය දැරූ උත්සාහය ව්‍යාර්ත වී ඇති බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now