කොළඹ වරාය නගරය ජනතා අයිතියට.විවෘත වන දිනය සහ වේලාව මෙන්න ! (VIDEO)

colombo port city Sri lanka sinhala news today trending news china and sri lanka friendship
By krishani Jan 09, 2022 08:21 AM GMT
krishani

krishani

Report

කොළඹ වරාය නගරයේ ඉදිකර ඇති පදික මංතීරුව සහ සැහැල්ලු යාත්‍රා අංගනය අද (09) විවෘත කිරීමට කටයුතු යොදා තිබේ.

ඒ වෙනුවෙන් මේ වනවිට දිවයිනට පැමිණ සිටින චීන විදේශ කටයුතු අමාත්‍ය වෑන්ග් යී මහතා ද එක්වීමට නියමිතය.

මීට සමගාමීව චීන - ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 65 වන සංවත්සරය සැමරීම සිදු කිරීමටද නියමිතය.

ඒ අනුව එම කොටස හෙට (10) සිට ජනතාව වෙනුවෙන් විවෘත කෙරෙනු ඇත.ඒ උදෑසන 9 සිට පස්වරු 6 දක්වාය.

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඇති පිවිසුම ඔස්සේ ජනතාවට පාගමනින් ඊට ඇතුළුවීමටද අවස්ථාව සලසා දී තිබේ.

එමෙන්ම චීන විදේශ අමාත්‍යවරයා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා පැවැත්වීමටද නියමිත බව වාර්තා වෙයි.

දෙදින නිල සංචාරයක් සඳහා චීන විදේශ කටයුතු අමාත්‍ය වෑන්ග් යී මහතා කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේ ඊයේ රාත්‍රි 8.22ට පමණය.

ඔහු ඇතුළු දූත පිරිස ගුවන්තොටුපොළ විශේෂ ආරාධිත අමුත්තන් පිළිගැනීමේ පර්යන්තයේදී පිළිගනු ලැබුවේ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසිනි.

චීන විදේශ අමාත්‍යවරයා කොළඹ වරාය නගරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමටද නියමිතය.

ඉන් අනතුරුව චීන විදේශ අමාත්‍යවරයා අද පස්වරුවේම දිවයිනෙන් පිටත්ව යෑමටද සැලසුම් කර තිබේ.




සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now