නොසැලකිල්ල ජීවිත 5ක් බිලිගනී

Accident trending news gagana news today hot news Sri lanka news
By krishani Jan 09, 2022 07:34 AM GMT
krishani

krishani

Report

ප්‍රදේශ කිහිපයකින් පාසල් සිසුවෙකු ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය ප්‍රකාශ කළේ මහව කැත්තපහුව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් 12 හැවිරිදි පාසල් සිසුවෙකු මියගොස් ඇති බවය.

වෑන් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් බරපතල තුවාල ලැබූ වෑන් රථයේ රියදුරු, හිමි නමක් සහ වෑන් රථයේ පිටුපස ගමන් කළ තවත් 07 දෙනෙකු ගල්ගමුව රෝහලට ඇතුළත් කිරීමේදී අදාළ පාසල් සිසුවා මියගොස් ඇත.

මේ අතර පන්නල නගරයේදී යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව වටරවුමේ ගැටී සිදු වූ අනතුරකින් 28 හැවිරිදි යතුරුපැදිකරු මියගොස් තිබේ.

හබරණ මොරගස්වැව ප්‍රදේශයේදී ද බස් රථයක ගැටී 88 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබුණි.

පොලීසිය ප්‍රකාශ කළේ හුංගම බටඅත ප්‍රදේශයේදී ද හඳුනා නොගත් වාහනයක ගැටී 44 හැවිරිදි පුද්ගලයෙකු ද මියගොස් ඇති බවය.

මේ අතර බම්බලපිටිය පොලිස් වසමේදී මාතර සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටී 54 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now