ප්‍රවීණ රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු මහතාගේ අවසන් කටයුතු අද !
trending news
gagana news
Mr.Robin fernandz
sri lanka sinhala news
today hot news
By krishani
අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මේ වන විට කොළඹ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබේ.
ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (09) පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය.
ප්‍රවීණ රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු මහතා ඊයේ (08) අභාවප්‍රාප්ත විය.
වසර දෙකකට වැඩි කාලයක් රෝගාතුර ව සිටි රොබින් ප්‍රනාන්දු මහතා මිය යන විට 84 වැනි වියේ පසු විය.
1964 වසරේදී රංගනයට පිවිසි ඒ මහතා රංගන ශිල්පියෙකු මෙන්ම ප්‍රවීන සටන් අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කළ අතර ඔහු චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රැසකට සිය රංගනයෙන් දායකත්වය ලබා දී තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |