ගිය අවුරුද්දේ මත්පැන් බලපත්‍ර 150 ක් දීලා ?

trending news last year gagana news sri lankan news today news hot news liquor licenses
By krishani Jan 09, 2022 06:26 AM GMT
krishani

krishani

Report

මත්පැන් බලපත්‍ර 150 ක් පසුගිය වසරේදී (2021) ලබාදී ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

මින් බලපත්‍ර වැඩිම ප්‍රමාණයක් නිකුත් කරනු ලැබ ඇත්තේ සංචාරක මණ්ඩලයේ අනුමත හෝටල් සහ අවන්හල් සඳහාය.

එම සංඛ්‍යාව 81කි. ඊට අමතරව සුපිරි වෙළෙඳසල් සඳහා බලපත්‍ර 69 ක් පසුගිය වසරේදී නිකුත් කර ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි මහතා පැවැසීය.

කෙසේ වෙතත් සාමාන්‍ය මත්පැන් අලෙවිසල් ( නගරවල) විවෘත කිරීමට එකම බලපත්‍රයක් හෝ 2015 වසරෙන් පසු නිකුත් කර නැතැයිද හෙතෙම සඳහන් කළේ‍ය.

කෙසේවෙතත් පසුගිය කාලයේදී මත්පැන් බලපත්‍ර ලබා දීමට එරෙහිව ස්වාමීන් වහන්සේලා විශාල ප්‍රමාණයක් සිය අප්‍රසාදය ආණ්ඩුවට පළ කළ ආකාරයක් දැකගන්නට ලැබුණද මේ අවස්ථාවේදී කිසිදු ස්වාමීන් වහන්සේ නමක් ඊට එරෙහිව අදහස් දක්වනු දැකගන්නට නොලැබීම විශේෂ සිදුවීමකි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now