ඩොලර් අර්බුදය දැඩි වෙයි - මහබැංකු අධිපති නිවෙස්වල ඩොලර් ඉල්ලයි !
දැනට රට තුළ පවතින ඩොලර් හිඟයට විසදුම් ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය මේ මොහොතේ ලබා නො ගන්නා බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් අවධාරණය කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ, නිවෙස්වල ඇති විදේශ මුදල් ද ඩොලරයකට රුපියල් 10 බැගින් වැඩිපුර ගෙවා ලබා ගැනීමට මහබැංකුව තීරණය කර ඇති බවයි.
මේ අතර, විදේශ මුදල් අතැති පුද්ගලයින්ට එම මුදල් යෙදවීමට හැකි විකල්ප ක්‍රියාමාර්ග පිළිබදව මහබැංකුව අද නිවේදනයක් නිකුත් කර තිබුණා.
එහි දැක්වෙන්නේ ඇමරිකානු ඩොලරයක් රුපියල් 210 බැගින් වන පරිදි අදාළ විදේශ විනිමය රුපියල්වලට පරිවර්තනය කිරීම හෝ ඕනෑ ම බැංකුවක ශ්‍රී ලංකා රුපියල් ගිණුමක තැන්පත් කිරීම සිදු කළ හැකි බවයි. එසේම, විදේශ ව්‍යවහාර ගිණුමක හෝ විශේෂ තැන්පතු ගිණුමක විදේශ මුදල් තැන්පත් කිරීමට මෙහි දී මහබැංකුව දිරිගන්වන අතර, එසේ නැතහොත් ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවල ආයෝජනය කිරීමට ද හැකියාව පවතින බවයි මහබැංකුව පෙන්වා දී ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |