ලංකාවට ගෙනා කොවිඩ් එන්නත් ගැන විශේෂ හෙළිදරව්වක් !

covid19 sinhalanews srilankanews gagananews latesnews trendingnews
By krishani Jan 09, 2022 03:06 AM GMT
krishani

krishani

Report

අද වන විට මෙරටට අවශ්‍ය සමස්ත කොවිඩ් එන්නත් ප්‍රමාණය සහ බූස්ටර් එන්නත් ප්‍රමාණය ලැබී අවසන් බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ මෙරටට ගෙන්වූ ඇස්ට්‍රාසෙනෙකා, සයිනොෆාම්, ස්පුට්නික්, මොඩර්නා සහ ෆයිසර් එන්නත් මාත්‍රා සංඛ්‍යාව හාර කෝටි අසුපන් ලක්ෂ හැටදහසක් බවය.

එන්නත් මිලියන 6.8 ක් ලැබී ඇත්තේ ආධාර ලෙස වන අතර ඒවා චීන, ජපාන, අමෙරිකානු සහ ඉන්දියානු රජය මගින්ද ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ද ආධාර ලෙස ලැබුණු බව විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේය.

එක් එන්නත් මාත්‍රාවක් සඳහා ඩොලර් 05 සිට ඩොලර් 7.5ක වියදමක් දරා ඇති බව ද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now