සියලුම පාසල් සිසුන් වෙත විශේෂ නිවේදනයක් !

sinhala news trending news gagana news Ministry of education hot news schools begin To all schools children
By krishani Jan 09, 2022 02:25 AM GMT
krishani

krishani

Report

පාසල්වල සියලු ශ්‍රේණි හෙට සිට සාමාන්‍ය පරිදි විවෘත වනවා.

කෙසේ වෙතත්, අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ පාසල් ආපනශාලා විවෘත කිරීමට තවදුරටත් අවසර හිමි නොවන බවයි.

ඒ අනුව සිසුන් තමන්ට අවශ්‍ය ආහාර පිටතින් රැගෙන ආ යුතු වනවා.

සෞඛ්‍ය නිර්දේශ ලද විගස පාසල් ආපනශාලා විවෘත කරන බවද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර, කොළඹ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ජී.එන්. සිල්වා දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටියේ කිසිදු බියක් නොදක්වා සියලු සිසුන් පාසල් වෙත එවන ලෙසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now