ගෑස් වංචාව නතර කිරිමට අලෙවි නියෝජිතයන් ගත් අපූරු ක්‍රියා මෙන්න !

trending news gagana news sri lanka news today hot news solutions frem dealers for gas fraud
By krishani Jan 09, 2022 01:22 AM GMT
krishani

krishani

Report

පවතින ගෑස් හිඟය හමුවේ වංචනික ලෙස ගෑස් මිලදී ගැනීම් නවතා දැමීම සඳහා පාරිභෝගිකයින්ගේ අනන්‍යතාව සහතික කර ගෑස් ලබාදීමට අලෙවි නියෝජිතයින් මේ වනවිට කටයුතු කරමින් ඇත.

ඒ බව දැක්වෙන දැන්වීම් පවා ගෑස් අලෙවිසැල් අසල සවිකර තිබේ.

එහි දැක්වෙන්නේ "එක පුද්ගලයෙකුට එක සිලින්ඩරයයි. ගෑස් ලබාගැනීමට විදුලි හෝ ජල බිල්පතක් රැගෙන ආ යුතුයි. නොවැම්බර් බිල," යනුවෙනි.

මේ අතර සමහර පුද්ගලයින් හිස් ගෑස් සිලින්ඩරයක් නොමැතිව පෙහොර උරයක් රැගෙන විත් ගෑස් සිලින්ඩර මිලට ගෙන වැඩි මිලට ඒවා අලෙවි කිරීමේ ජාවාරමක නිරත වන බව ඇතැම් ප්‍රදේශවලින් වාර්තා විය.

නමුත් එම ජාවාරම්කරුවන්ට ඇති බිය හේතුවෙන් ප්‍රදේශවාසීන් ඒ පිළිබඳ අදහස් පලකිරීමෙන් වැළකී තිබුණි.

එහිදී වාර්තා වුයේ ගෑස් සිලින්ඩරයක් රුපියල් 5,000ක් තරම් ඉහළ මිලකට අලෙවි කරන බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now