ලංකාවේ කොරෝනා තතු - වැඩි වුනොත් නිවෙස් නිරෝධායනය සිදු කරන්න වෙනවා

#sinhala news sri lanka#news#hot news#covid19#sri lankan sinhala news#
By krishani Jan 08, 2022 07:14 AM GMT
krishani

krishani

Report

ඊයේ දිනයේදීත් තවත් කොරෝනා ආසාදිතයින් 588 දෙනෙකු වාර්තා වීමත් සමඟ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 590,651 ක් දක්වා ඉහළ ගියා.

එමෙන්ම කොරෝනා මරණ 16ක්ද ඊයේ වාර්තා වුණා.

නව ප්‍රභේදයන්වල රෝගීන් වාර්තා වීම ඉදිරියේදී වැඩිවුව හොත් නිවෙස්ගත නිරෝධායනය හා ප්‍රතිකාර ක්‍රමයම යොදා ගැනීමට සූදානම් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

එහි තෘතීයක වෛද්‍ය සේවා අංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය අයන්ති කරුණාරත්න මේ බව කියා සිටියේ, ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි.

එමෙන්ම ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලැබූ 5,203 දෙනෙකු සුවය ලැබූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

මේ අතර ලොව පුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව ඊයේ කෝටි තිහ ඉක්මවූ අතර, මරණ සංඛ්‍යාවද මේ වනවිට පනස් පන් ලක්ෂයකට ආසන්න වී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now