පැවිදි වූ ක්‍රිකට් ක්‍රීඩක මංජු නිවාස 20ක් දන්දෙයි!

#today#sinhala news#sinhala news sri lanka###
By krishani Jan 08, 2022 01:48 AM GMT
krishani

krishani

Report

ක්‍රිකට් ක්‍රීඩකයකුව සිට පසුව පැවිදි වූ අතුරුගිරියේ අනුරුද්ධ හිමියන් නිවෙස් අහිමිවූවන් වෙනුවෙන් ඉදිකරනු ලැබූ 20 වැනි නිවෙස හිමිකරුවන්ට භාරදීම ඇතුළු සමාජ සත්කාර්ය රැසක් පන්නල හැඟව, හැඟෑවුල්ල වැව අසබඩදී ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණ.

මෙම හිමියන් පැවිදිවීමට පෙර කොස්කඳවල මංජු ලෙස හැදින්විණ. මරණයට කැපවී ගලවාගත් එළදෙනුන් සිවුදෙනකුද එම ප්‍රදේශයේ පවුල් හතරක් සඳහා ලබාදීමත් දිළිඳු පවුල්වල ඇවිදීමේ අපහසුතා ඇති වයස්ගත අය හා රෝගී අය වෙනුවෙන් රෝද පුටු කිහිපයක් පරිත්‍යාග කිරීමද මෙහි දී සිදුවිය.

ඊට සමගාමීව ගැබිනි මව්වරුන් සඳහා දරු ප්‍රසූතියට රෝහල් ගතවීමේ සිට අත්‍යවශ්‍ය භාණ්ඩ කට්ටල් ලබාදීම මෙන්ම ප්‍රදේශයේ දිළිඳු පවුල් රැසක දුවා දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ කට්ටල් බෙදා දීමක්ද සිදුකෙරිණ.

අනුරුද්ධ හිමියන් ගිහිකල ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදී සිටින වකවානුවේදී තමන් සමගින් ක්‍රීඩා කළ වත්මන් ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන නුවන් කුලසේකර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවිය. විවෘත කළ විසි වැනි නිවසට ශීතකරණයක්, රූපවාහිනී යන්ත්‍රයක් ඇතුළු ගෘහ විදුලිය උපකරණ පිරිනැමීම විශේෂත්වයකි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now