දියව් දියව් දියව් !!! පාන් ගැනත් අනතුරු අඟවයි

#sinhala news#today hot news#sri lankan news#updated daily###
By krishani Jan 07, 2022 11:53 PM GMT
krishani

krishani

Report

තිරිඟු පිටි හිඟවීම හේතුවෙන් ඉදිරියේදී පාන් ඇතුළු බේකරි නිෂ්පාදන හිඟ වන බවට බේකරි හිමියන් අනතුරු අඟවනවා.

ඒ ගෑස්, භූමිතෙල් සහ කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගැනීම සඳහා පවතින දිගු පෝලිම් තවමත් අවසන් වී නොමැති තත්ත්වයකයි.

මේ අතර, වහාම ක්‍රියාත්මක වන පරිදි සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් මියන්මාරයෙන් මිල දී ගැනීමට රජය පියවර ගෙන තිබෙනවා.

පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් ප්‍රමාණවත් තිරිඟු පිටි සැපයීමටද මේ වන විට බාධා එල්ල වී තිබෙනවා.

බේකරි හිමියන් පවසන්නේ නම් දෛනික නිෂ්පාදනය සඳහා බලපෑම් එල්ල වී ඇති බවයි.

මේ හේතුවෙන් ඉදිරියේදී පාන් හිඟයක් ඇති විය හැකි බවටයි බේකරි හිමියන් අනතුරු අඟවන්නේ.

මේ අතර වෙළඳපොළේ පවතින ගෑස් හිඟය හේතුවෙන් ගෑස් අලෙවි නියෝජිත ආයතන ආශ්‍රිතව අදත් දිගු පෝලිම් දක්නට ලැබෙනවා. කොස්ගොඩ ප්‍රදේශයේ ගෑස් බෙදාදීම සඳහා පොලිසියටද මැදිහත්වීමට සිදු වූයේ විශාල පිරිසක් රැස්ව සිටීම හේතුවෙන්.

මේ අතර, ලිට්රෝ ගෑස් හිඟයට මුහුණදී සිටින පාරිභෝගිකයින් පිරිසක් කොම්පඤ්ඤවීදිය පිහිටි ලිට්රෝ ගෑස් මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවක ද නිරත වුණා.

ගෑස් ආශ්‍රිත අනතුරු සහ වෙළඳපොළේ ඇති ගෑස් හිඟය හේතුවෙන් ජනතාව භූමිතෙල් භාවිත කිරීමට යොමු වී ඇතත් තවමත් පිරවුම්හල් ආශ්‍රිතව දක්නට ලැබෙන්නේ මෙවන් තත්ත්වයක්.

ගෑස් සහ භූමිතෙල් ද හිඟය හේතුවෙන් දර සඳහාද ඉහළ ඉල්ලුමක් නිර්මාණය වී තිබෙනවා. මේ අතර, ගෑස් ආශ්‍රිත පිපිරීම්ද තවමත් අවසන් වී නැහැ.

මොරගහහේන, ගෝනපොළ ප්‍රදේශයේ නිවසක ගෑස් උඳුනක් මෙලෙස පුපුරා ගොස් තිබුණේ ගෙහිමි කාන්තාව ආහාර පිසීමෙන් මද වේලාවකට පසුවයි.

ගම්පොල, පුපුරැස්ස ඩේසන්වත්ත ප්‍රදේශයේ නිවසකත් ගෑස් ලිපක් පුපුරා ගොස් තිබෙනවා. මේ අතර ගෑස් ආශ්‍රිත අනතුරුවල දී පාරිභෝගිකයන්ට රුපියල් මිලියනයක රක්ෂණාවරණ පහසුකමක් හිමිවන බවත් 1311 අංකය ඇමතීමෙන් පාරිභෝගිකයින්ට එම රක්ෂණ පහසුකම ලබාගත් හැකි බවත් ලිට්‍රෝ සභාපති තෙෂාර ජයසිංහ සඳහන් කළේ.

ඒ අනුව අදාළ අංකය හරහා ලි‍ට්‍රෝ සමාගමට සහ සම්බන්ධවීමට බොහෝ ජනතාව උත්සාහ කර තිබෙනවා.

මේ අතර වෙළඳපොළේ පවතින කිරිපිටි හිඟයක් හමුවේ දේශීය කිරිපිටි ලබාගැනීම සඳහා ද ජනතාව පෝලිම්වල රැඳී සිටින අයුරු දක්නට ලැබුණා.

මේ අතර, සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් මියන්මාරයේ ආනයනය කොට ආරක්ෂිත තොගයක් ලෙස පවත්වාගෙන යාමට අදාළ අවබෝධතා ගිවිසුමකට  (07)  දින අත්සන් තැබූ බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now