භික්ෂූන් වහන්සේලාත් ගෑස් පෝලිමේ.දානේ හදන්න ගෑස් නෑ !!!
#sinhala news#sri lankan news#today news#Gas problems #
By krishani
අලුත්ගම දර්ගා නගරයේ මහවීදිය ප්‍රදේශයේ ගෑස් වෙළඳ සැල ආසන්නයේ අද අලුයම් කාලයේ සිට විශාල පිරිසක දිගු පෝලිමක් දක්නට ලැබින.
දුර බැහැර ප‍්‍රදේශයන් වූ හික්කඩුව, අම්බලන්ගොඩ, බලපිටිය, කොස්ගොඩ, ඌරගස්මංහන්දිය, බේරුවල, මග්ගොන සහ ඉඳුරුව ආදි ප්‍රදේශවලින් ගෑස් මිල දී ගැනීමට ජනතාව මෙසේ දර්ගා නගරයට පැමිණ සිටියහ.
මෙම ගෑස් පෝලිමේ භික්‍ෂූන් වහන්සේ නමක්ද ගෑස් මිල දී ගැනීමට වැඩම කර සිටි අයුරු දැකගත හැකි විය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |