මහනුවර ගණිත සිසුවාගේ ‘A’ - ‘C’ වුනේ ඩේටා එන්ට්‍රි වරදින්ලු !

#sri lankan news#sinhala news#hot news#wrong result#AL maths###
By krishani Jan 07, 2022 08:28 AM GMT
krishani

krishani

Report

ප්‍රතිඵල නැවත සමීක්ෂණයෙන් පසු උසස් පෙළ සිසුවකුගේ ‘සී‘ සාමර්ථ්‍යය ‘ඒ‘ ලෙස වෙනස් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

එම වෙනසට හේතු වී ඇත්තේ උත්තර පත්‍ර බැලීමේ දී සිදු වූ දෝෂයක් නොව පරිගණකයට දත්ත ඇතුළත් කිරීමේ දී සිදු වූ දෝෂයක් බව දැනට නිරීක්ෂණය වී ඇත.

විමර්ශනයෙන් අනාවරණය වන කරුණු අනුව සිද්ධියට සම්බන්ධ නිලධාරීන්ට අදාළව ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

ප්‍රතිඵල නැවත සමීක්ෂණයේ දී සාමාර්ථ්‍යන්වල සුළු වෙනස් කම් සිදු වන නමුත් ‘සී‘ සාමර්ථ්‍යය ‘ඒ‘ ලෙස වෙනස් වූ ප්‍රථම අවස්ථාව මෙය වෙයි.

මෙම ප්‍රතිඵලය ලැබී තිබුණේ මහනුවර ධර්මරාජ විදුහලේ රුචිර නිසඟ අබේවර්ධන ශිෂ්‍යයාටය.

ගණිත අංශයෙන් විභාගයට පෙනී සිටි එම ශිෂ්‍යයාගේ සංයුක්ත ගණිතය විෂයයේ සාමර්ථ්‍යය මෙලෙස වෙනස් වී තිබූ අතර ඒ අනුව දිස්ත්‍රික් තරාව (rank) 68 සිට 12 දක්වා ඉහළට පැමිණ තිබිණී. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now