තෙල් හිඟ වෙන දවස් ගම්මන්පිල රටට කියයි !!!
#sinhala news#sri lankan news#today hot news#oil shortage days###
By krishani
ජනවාරි තුන්වන සතියේ සිට ඉන්ධන හිගයකට මුහුණ දීමේ අවධානමක් තිබෙන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.
අවදානමක් ඇති නමුත් එය සිදුවන්නේ ක්ෂණිකව නොවන බවද පවසන අමාත්‍යවරයා ඉන්ධන ආනයනය සඳහා අවශ්‍ය ඩොලර් සපයා ගත නොහැකි වුවහොත් මෙම තත්ත්වය ඇතිවන බවද කියා සිටියි.
තමන් මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය කිහිපවිටක්ම දැනුවත් කර ඇති බවද පැවසූ ඔහු වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා විකල්පයන් සපයා ගත හැකි තත්ත්වයක් තිබුණද ඉන්ධන සඳහා එවන් විකල්පයක් නැති බවද කියා සිටියේය.
යම් හෙයකින් ඉන්ධන සැපයුම නැවතුනහොත් බයිසිකලයක යා හැකි දුර පමණක් ගමන් කිරීමට ජනතාවට සිදු වනු ඇති බවද හෙතෙම පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |