කොළඹ වරායේ රඳවාගෙන ඇති සහල් කන්ටේනර් නිදහස් කිරීමට මහ බැංකුව මුදල් වෙන් කළ හැටි!!!

#sinhala news sri lanka#Economy#today hot news#Trade###
By krishani Jan 07, 2022 04:33 AM GMT
krishani

krishani

Report

කොළඹ වරායේ රඳවාගෙන සිටින සහල් කන්ටේනර් 800 ක් ඉවත් කිරීම සඳහා අවශ්‍ය ඇමෙරිකානු ඩොලර් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිකුරාදා (7) නිකුත් කරන බව වෙළඳ අමාත්‍යවරයා දන්වා ඇත.

ආනයආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, වෙළෙඳ අමාත්‍යවරයා විසින් මේ සම්බන්ධයෙන් තමන් දැනුවත් කළ බවයි.

වරායේ භාණ්ඩ සිරවී ඇති අවස්ථාවකදී ගෙවන ගබඩා ගාස්තු අඩු කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කළ බවද ඔහු පැවසීය.

ආනයනික බද්ද රුපියල් 5කින් අඩුවීමත් සමඟ ආනයනික ලොකු ළූණු සහ අර්තාපල් තොග මිල පහළ ගොස් තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now