ලිට්‍රෝ ගෑස් ඉදිරියේදී හිඟ වෙයිද? ඇති වෙයිද?
#srilanka sinhala news#today news#Litro Gas#Economy#
By krishani
ගෘහස්ථ සහ වාණිජ ගෑස් සිලින්ඩර් නිෂ්පාදනය සහ බෙදාහැරීම කාර්යක්ෂම කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා අතර, ඉදිරියේ දී දෛනික ව ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 90,000ක් දක්වා වෙළෙඳපොළට සැපයීමට පියවර ගන්නා බව ලිට්රෝ ගෑස් සමාගම පවසනවා.
පසුගිය දින 03ක් තුළ දී ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 220,000ක් වෙළෙඳපොළට නිකුත් කර ඇති බවයි එම සමාගම ඊයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
තවත් කෙටි කාලයක් තුළ දී වෙළෙඳපොළේ පවතින ගෑස් හිඟය අවසන් වනු ඇති බව ද එම ආයතනය ප්‍රකාශ කළා.
මේ අතර, වෙළඳපොළේ පවතින ගෑස් හිඟය හේතුවෙන් අපහසුතාවට පත් ව සිටි පාරිභෝගිකයින් තවදුරටත් මෙලෙස චෝදනා එල්ල කරනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |