අද ලංකාවට විදුලිය සැපයුම ඇණහිටිමක්.කලින්ම ලෑස්ති වන්න.

#sinhala news#sinhala news in sri lanka#today#power cut###sri lanka#
By krishani Jan 07, 2022 01:52 AM GMT
krishani

krishani

Report

සිකුරාදා (ජන. 7) එනම් අද දින දිවයිනේ විවිධ ප්‍රදේශවල විදුලි සැපයුමට බාධා ඇති විය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

කැලණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රයක ඇති වූ දෝෂයක් හේතුවෙන් නුගේගොඩ, මහරගම ඇතුළු ප්‍රදේශ රැසකට බ්‍රහස්පතින්දා (6) රාත්‍රියේ විදුලිය සැපයීමට බාධා එල්ල විය.

කැලණිතිස්ස බලාගාරයේ ඇති වූ ගැටලුවෙන් මෙගාවොට් 135ක විදුලිය අහිමි වූ අතර කුකුළේ-ගඟ බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක ඇති වූ දෝෂයක් හේතුවෙන් තවත් මෙගාවොට් 76ක විදුලි බලයක් අහිමි වූ බව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ආර්.එම්.රණතුංග මහතා පවසයි.

ඒ අනුව විදුලිබල මමණ්ඩලයේ  කුකුළේ-ගඟ බලාගාරයේ ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත් කර ඇති නමුත් කැලණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රය තවමත් සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කර නොමැත.

එහි ප්‍රතිඵලයක් ලෙස අද (7) දිනයේදී මෙන්ම විවිධ ප්‍රදේශවල දෛනික විදුලි ඉල්ලුම ඉහළ මට්ටමක පවතින අවස්ථා වලදී විදුලිය විසන්ධි විය හැක.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now