ගෑස් පෝලිම්වල ඉන්න ජනතාවට ලිට්‍රෝ සමාගම හදිසියේ කළ විශේෂ දැනුම්දීම

#sinhala news in sri lanka#today news#hot sinhala news#Annousment by Litro Gas Company###to the people###
By krishani Jan 06, 2022 08:35 AM GMT
krishani

krishani

Report

ලිට්‍රෝ ගෑස් සමාගම විසින් ගෘහස්ථ ගෑස් සිලින්ඩර පිළිබඳ නිවේදනයක් නිකුත් කර තිබේ.

එම සමාගම විසින් ගෘහස්ථ හා වාණිජ ගෑස් සිලින්ඩර නිෂ්පාදනය සහ බෙදාහැරීම කාර්යක්ෂම කිරීම සඳහා මේ වනවිට කඩිනම් ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ද නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

මේ වනවිට LP ගෑස් සිලින්ඩර නිෂ්පාදන ධාරිතාවය ද කාර්යක්ෂම කොට ඇතැයි පවසන ලිට්‍රෝ සමාගම, පසුගිය දින දෙක තුළ සහ අද දිනයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර 220,000ක් වෙළෙඳපොළට නිකුත් කර ඇති බවත් එය කඩිනමින් පාරිභෝගිකයන්ට ලබාදීමට නියමිත බවත් සඳහන් කරයි.

ඉදිරි සෑම දිනකදී ම දෛනික LP ගෑස් අවශ්‍යතාවය සපුරාලීම උදෙසා ශ්‍රී ලාංකික වෙළෙඳපොළට ගෘහස්ථ ගෑස් සිලින්ඩර 90,000 - 100,000ක උපරිමයක් දක්වා ලබාදීමට සමාගම සියලු විධිවාධන යොදා ඇති බවත් ලිට්‍රෝ සමාගම නිකුත් කළ නිවේදනයේ තවදුරටත් දැක්වේ.

ඒ අනුව දැනට වෙළෙඳපොළෙහි පවතින හිඟය කෙටි කාලයකින් පහව යන බව ද එම සමාගම පාරිභෝගිකයින්ට දන්වා සිටී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now