උකසක් නිසා සිදුවුන බිහිසුණු මනුෂ්‍ය ඝාතනය !

sri lanka death crime gagana news Sri lanka sinhala news today trending news
By krishani Mar 23, 2022 03:53 AM GMT
Report

උකස් තබන ලද රේඩියෝ යන්ත්‍රයක උකස බේරා ගැනීමට පැමිණි අවස්ථාවේ ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

එම ඝාතනය ඊයේ (22) දහවල් කාලයේදී ග්‍රෑන්ඩ්පාස්, වෙහෙරගොඩැල්ල හංදිය ආසන්නයේදී සිදුව ඇති බව පොලීසිය පවසයි.

සැකකරු විසින් මීට සතියකට පමණ ඉහතදී මියගිය පුද්ගලයාට රේඩියෝ යන්ත්‍රයක් උකස් තබා ඇත. එම උකස බේරා ගැනීමට යෑමේදී ඇතිවූ ආරවුලක් දුරදිග ගොස් පිහියකින් ඇන එම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, 51 හැවිරිදි වෙහෙරගොඩැල්ල, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ග්‍රෑන්ඩ්පාස් පොලීසිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now