පිහිට පතාගිය දෙවොලේ කපු මහතා, අඹු සැමි යුවළට කළ අදහාගත නොහැකි පූජාව !

police sri lanka Arrested gagana news Sri lanka sinhala news today trending news
By krishani Mar 22, 2022 04:13 AM GMT
Report

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ පූජාවක් සඳහා පැමිණි බව කියන අඹු සැමි යුවළකට පහර දුන් බවට සැකපිට දේවාලයේ ප්‍රධාන කපු මහතා ඊයේ (21 දා) පස්වරුවේදී අත්අඩංගුවට ගත් බව ගන්දර පොලීසිය පවසනවා.

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ පූජාවක් සඳහා පැමිණි අඹුසැමි යුවලක් හා දේවාලයේ ප්‍රධාන කපු මහතා අතර ඇති වූ බව කියන බහින්බස්වීමක් දුරදිග යෑමෙන් පසුව මෙම ගැටුම ඇතිවී තිබෙනවා.

එහිදී කපු මහතා විසින් සිදුකළ පහරදීමකින් කාන්තාවක් තුවාල ලබා තලල්ල ග්‍රාමීය රෝහලට ඇතුළත් කොට තිබේ.

ඒ අනුව ගන්දර පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් මත දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ ප්‍රධාන කපු මහතා ගන්දර පොලිසිය මගින් ඊයේ පස්වරුවේදී අත්අඩංගුට ගෙන තිබෙනවා.

දේවාලයේ සුපුරුදු පරිදි දහවල් පූජාව වසා නැවතත් බැතිමතුන් සඳහා විවෘත කරනු ලැබූ අවස්ථාවේදී දේවාලය තුළ දී මෙම පහරදීම සිදුවී ඇතැයි සඳහන් වෙනවා.

ඒ පිළිබඳව මෙම ස්ථානයේ සවිකර තිබූ සීසීටීවී ආරක්ෂිත කැමරාවල සටහන් වී ඇතැයි පොලිසිය පවසනවා.

සැකපිට අත්අඩංගුවට ගන්නා ලද ප්‍රධාන කපු මහතා (21 ) දින මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now