මෙරට ප්‍රධාන විශ්ව විද්‍යලයක විවෘත කිරිමේ ගැටලුවක් !

colombo university gagana news Sri lanka sinhala news today trending news sri lankan university government university
By krishani Mar 21, 2022 07:10 AM GMT
Report

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් වසා දැමුණු මෙරට විශ්ව විද්‍යාල යළි විවෘත කරන ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම දැනුම් දී ඇතත් කොළඹ විශ්ව විද්‍යාලයේ තාක්ෂණික පීඨයට මෙතෙක් සිසුන් කැඳවා නොමැති බවට එම පීඨයේ සිසුන් චෝදනා කරනවා.

ඔන්ලයින් තාක්ෂණය හරහා තාක්ෂණික පීඨයේ අධ්‍යයන කටයුතු සිදුකෙරුණ ද වසර 02කට ආසන්න කාලයක් ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදුකිරීමට නොහැකි වීම හේතුවෙන් දුෂ්කරතා රැසකට මුහුණ පා සිටින බවයි එම සිසුන් පැවසුවේ.

කොළඹ විශ්ව විද්‍යාලයේ තාක්ෂණික පීඨය වෙත මෙතෙක් සිසුන් කැඳවා නොමැති බවට සිසුන් එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ තාක්ෂණික පීඨයේ, පීඨාධිපති මහාචාර්ය සුමේධ ජයනෙත්තිගෙන් විමසීමක් කළා.

ඔහු පැවසුවේ එළඹෙන සිංහල අළුත් අවුරුද්දෙන් පසුව කොළඹ විශ්ව විද්‍යාලයේ තාක්ෂණික පීඨය සඳහා සිසුන් කැඳවීමට කිරීමට අපේක්ෂා කරන බවයි.

කෙසේවෙතත් කොළඹ විශ්ව විද්‍යාලයේ තාක්ෂණික පීඨයේ සියලුම සිසුන් එකවර කැඳවිය හැකිද යන්න සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රකාශ කළ නොහැකි බවයි මහාචාර්ය සුමේධ ජයනෙත්ති වැඩිදුරටත් පැවසුවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now