පෙට්‍රල් පෝලිමේ බහින් බස් වීම මරණයෙන් කෙලවර වූ ඛේදනීය පුවතක් !

sri lanka death gagana news Sri lanka sinhala news today trending news
By krishani Mar 21, 2022 02:08 AM GMT
krishani

krishani

Report

නිට්ටඹුව හොරගොල්ල ඉන්ධන පිරවුම් හලේ පෙට්‍රල් ලබා ගැනීම සඳහා පෝලිමේ රැදී සිටි යතුරු පැදිකරුවෙකු සහ ත්‍රිරෝද රථ රියදුරකු අතර ඇති වූ බහින් බස් වීමකින් අනතුරුව ත්‍රීරෝද රථ රියදුරු විසින් එල්ල කරන ලද තියුණු අවි ප්‍රහාරයක් හේතුවෙන් යතුරු පැදිකරු මියගොස් ඇති බව නිට්ටඹුව පොලිසිය සඳහන් කරනවා.

මෙලෙස මියගොස් ඇත්තේ විසි නව හැවිරිදි තරුණයෙකුයි. පෙට්‍රල් පෝලිමේ රැඳී සිටි මේ දෙදෙනා අතර අදාළ බහින්බස් වීම ඇතිවී තිබෙන්නේ පෝලිම පැනීමක් සම්බන්ධයෙන්.

සිද්ධි සම්බන්ධයෙන් නිට්ටඹුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර ත්‍රීරෝද රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now