ශිෂ්‍යත්ව විභාගය අසමත් වුණැයි ජිවිතයට භයානක අගතියක් කරගත් අම්මා !

sri lanka gagana news Sri lanka sinhala news today trending news
By krishani Mar 18, 2022 03:24 AM GMT
krishani

krishani

Report

සිය පුතා මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් නොවීම පිළිබඳව කම්පනයට පත් වූ කිලිනොච්චියේ උරුතිරපුරම් ප්‍රදේශයේ මවක් පෙරේදා (16) සියදිවි හානි කර ගැනීමේ අරමුණින් වස පානය කොට තිබේ.

අවට ගම්වාසීන් ඇයට ප්‍රතිකාර ලබාදී කිලිනොච්චිය රෝහලට ඇතුළත් කොට ඇති අතර අය දැනට අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලේ ප්‍රතිකාර ලබයි.

නිවෙසේ උදවිය පොලිසියට පවසා ඇත්තේ කාන්තාවගේ පුතා මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් අසමත්වීම නිසා ඇය දැඩි මානසික කම්පනයකින් සිටි බවත් පසුව ඇය නිවෙස් පිටුපසට ගොස් කුඹුරට ඉසීමට රැගෙන විත් තිබූ වස වර්ගයක් පානය කළ බවත්ය. කිලිනොච්චිය පොලිසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙනයනු යයි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now