ඉඩම් ආඥා පනතට සංශෝධන දෙකක් - ජනතාවට ඉඩම් සම්බන්ධව වාසියක් ලැබෙයි ද..?

sri lanka gagana news Sri lanka sinhala news today trending news
By krishani Mar 16, 2022 08:09 AM GMT
krishani

krishani

Report

ඉඩම් සංවර්ධන ආඥා පනතට අදාළ රෙගුලාසි දෙකක් අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඉඩම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ එකඟතාව හිමි ව තිබෙනවා.

ඒ, ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනගේ ප්‍රධානත්වයෙන් එම උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදි යි.

ඉඩම් සඳහා නිකුත් කරනු ලබන බලපත්‍ර හා දීමනා පත්‍රවලට අදාළ ව ඉඩම්වල අවම බෙදුම් සීමාවන් සංශෝධනය කිරීම සහ එම බලපත්‍ර හා දීමනා පත්‍ර නිකුත් කිරීමේ දී සැළකිල්ලට ගනු ලබන ආදායම් සීමාවන් සංශෝධනය කිරීම මෙම නව රෙගුලාසි සංශෝධන මගින් සිදු වන බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now