අද දින විදුලි කප්පාදුව සිදු වන්නේ මෙහෙමයි !
P,Q,R,S,T,U,V,W කලාප සඳහා අද(12) දිනයේදී පෙරවරු 10 සිට පස්වරු 2 දක්වා පැයක කාලයක් සහ පස්වරු 4.30 සිට රාත්‍රී 9.30 දක්වා පැය එකයි විනාඩි 15 ක කාලයක් කාලයක් විදුලිය විසන්ධි කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසන් සභාව අවසර ලබා දී තිබෙනවා.
එසේම A,B,C,D,E,F,G,H,I,J,K,L යන කලාප සඳහා පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා පැය 2 යි විනාඩි 30 කාලයක් සහ පස්වරු 6 සිට රාත්‍රී 11 දක්වා පැය එකයි විනාඩි 15 ක කාලයක් විදුලිය විසන්ධි කිරීමටද අවසර ලබා දුන් බවයි මහජන උපයෝගීතා කොමිසන් සභාව සඳහන් කළේ.
මීට අමතරව හෙට (13) දිනයේදී P,Q,R,S,T,U,V,W කලාප සඳහා සවස 5 සිට රාත්‍රී 9 දක්වා පැයක කාලයක් විදුලිය විසන්ධි කිරීමටද අවසර ලබා දී තිබෙනවා.
එසේම හෙට දිනයේදී A,B,C,D,E,F,G,H,I,J,K,L යන කලාප සඳහා පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා පැය 2 ක් සහ පස්වරු 5 සිට රාත්‍රී 10 දක්වා පැය එකයි විනාඩි 15 ක කාලයක් විදුලිය විසන්ධි කිරීමටද අවසර ලබා දුන් බවයි කොමිසම පැවසුවේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |