මැතිසබයට ගිය රෝස් පාන්..?(VIDEO)

politics parliament bread gagana news Sri lanka sinhala news today trending news
By krishani Mar 11, 2022 10:56 PM GMT
Report

පාන් ඇතුළු බේකරි නිෂ්පාදන වල මිල වැඩි කිරීමත් සමග සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ඊයේ(11) පාර්ලිමේන්තුවට රෝස් පාන් කාලක් රැගෙන පැමිණියා.

මේ අතර, ලංකා අයි ඕ සී ඉන්ධන මිල ඉහළ නැංවීම පිලිබඳව ද ඊයේ පාර්ලිමේන්තුවේදී හට ගත්තේ උණුසුම් සංවාදයක්.

එසේම, ඉඩම් සංවර්ධන සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන රහිතව එහිදි පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

ඉඩම් ආඥා පනත යටතේ මෙතෙක් කල් ප්‍රතිපාදන හිමිව තිබුණේ දීමනා ග්‍රාහකයාගේ ඇවෑමෙන් වැඩිමල් පිරිමි දරුවාට අයිතිය හිමිවීමයි.

නමුත් මෙම සංශෝනය අනුව පවුලේ අනෙක් දරුවන්ට ද සාධාරණයක් වන පරිදි අයිතිවාසිකම් හිමිවනු ඇති.

විඩියෝ දර්ශන - Hiru news


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now