අර්බුද මැද ලිට්‍රෝ සභාපතිගෙන් ජනතාවට විශේෂ සතුටුදායක ආරංචියක් !

sri lanka Litro Gas gagana news Sri lanka sinhala news today trending news
By krishani Mar 11, 2022 02:41 AM GMT
krishani

krishani

Report

ගෑස් බෙදාහැරීම ඇරඹුණු බව ලිට්‍රෝ සභාපති පවසයි.

ගෘහස්ත ගෑස් සඳහා ගෙවීම් සිදුකිරීම පිළිබඳව ඇතිව තිබූ ගැටළු මේ වනවිට නිරාකරණය කර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා පවසයි.

සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ ඊයේ(10) රාත්‍රී සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව ණයවර ලිපි විවෘත කිරීම සම්බන්ධයෙන් පැවති ගැටළු නිරාකාරණය කිරීමට හැකි වූ බවය.

ඒ අනුව ඊයේ රාත්‍රියේ සිට කෙරවලපිටිය ලිට්‍රෝ ගෑස් ගබඩා පර්යන්තයෙන් ගෑස් බෙදාහැරීම ආරම්භ කර ඇති බවද ලිට්‍රෝ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now