"අමනුෂ්‍ය දෝෂ තිබුණොත් බිත්තරේ ලේ පාට වෙනවා" - පට්ටපල් බොරු කරන බිත්තර කතන්දරේ ඔබ නොදත් ඇත්ත නැත්ත විස්තරේ මෙන්න !
බලි තොවිල් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කියලා කියන්නේ දීර්ඝ ඉතිහාසයක් තියෙන ක්ෂේත්‍රයක්.ඇදහිල්ලක් එහෙම නැත්නම් විශ්වාසයක්.
අතීතයේ නම් ඒ දේවල්වල සත්‍යතාවයක් නොතිබුණාම කියන්න බෑ. මොකද අපි අති දක්ෂ කට්ටඩි මහත්තුරු හාමුදුරුවරුන් ගැන එහෙම විස්තර අහල තියෙනවා.
ඒත් වර්තමානය වෙනකොට නම් මේ දේවල් වල තවදුරටත් ඇත්තක් තියනවා කියලා විශ්වාස කරන්න අමාරුයි. ඒත් අවාසනාවකට වගේ හුඟක් මිනිස්සු තවමත් මේ දේවල් පස්සෙ දුවනවා.
ඒ විතරක් නෙවෙයි ඒ වෙනුවෙන් විශාල මුදලක් වැය කරනවා. මේ ක්‍රියාවලියේ හුඟක්ම දකින්න ලැබෙන දෙයක් තමයි අමනුස්ස දෝෂ තියෙනවා කියන තැන්වලදි බිත්තරයක පාට වෙනස් වෙනවා එහෙමත් නැත්නම් බිත්තරයක ඇතුළු ලේ පාට වෙනවා කියන එක.
ගොඩක් හොර කපු මහත්තුරු මේ වගේ අසරණ අය පිහිට පතාගෙන ආවහම මේ බිත්තරයේ සාස්තරේ පාවිච්චි කරලා මේ මිනිසුන්ව අන්දනවා.
ඇත්තටම බිත්තරයක් ලේ පාට කරන්න පුළුවන්. ඒත් ඒ අමනුස්ස දෝෂයක් නිසා නෙවෙයි. ඒක පොඩි ජිමික් කෑල්ලක්. ඒක කරන්නේ මෙහෙමයි.
මුලින්ම මේ ගොල්ලො කරන්නෙ බිත්තරේ මෙලෙක් කරන එක. ඊට පස්සේ ඒක ඇතුලට රතුපාට කුකුල් සායම් එන්නත් කරන එක. ඉන්පස්සෙ යම්කිසි රසායන ද්‍රව්‍යයක් භාවිතා කරලා කටුව ආයෙමත් ඝනකම් කරන්න පුලුවන්.
ඉතින් මේ හොර කපු මහතුන් අසරණ ජනතාව ඉස්සරහ මේ ක්‍රමය පාවිච්චි කරලා බොහොම අපූරුවට ඒ අයට අමුනුස්ස දෝෂ තියන බව ඔප්පු කරනවා.
මොකද මේ ක්‍රියාවලියෙන් පස්සේ බිත්තරය කැඩුවාට පස්සේ ඇතුලෙ තියෙන සරු තනිකරම රතු පාටයි.
ඉතින් අන්ධ භක්තියෙන් ඉන්න මිනිස්සු අනිවාර්යෙන්ම මේ විජ්ජාවට රැවටෙනවා.
මේ පිළිබඳව රොෂාන් චානක තිසේරා යුටියුබ් නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් සාක්ෂි සහිතව ඔප්පු කරන ලදි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |