ඉන්ධන තොග බෙදා හැරීමට ප්‍රමුඛතා ලැයිස්තුවක් හදලා ! පෝලිමේ ඉන්න ඔබ වැටෙන්නේ කුමන කාණ්ඩයට ද?
sri lanka
Diesel
gagana news
Sri lanka sinhala news
today trending news
By krishani
මෙරටට ලඟා වූ ඩීසල් රැගත් නෞකාවේ ඉන්ධන බෙදා හැරීම අද(04) දිනයේ ආරම්භ කළා.
ඒ අනුව මේවනවිට ගොඩබාමින් ඇති ඩීසල් තොගය බෙදාහැරීම සඳහා ප්‍රමුඛතා ලැයිස්තුවක් සකස් කර ඇති බව සදහන්.
ඒ අනුව වැඩිම ප්‍රමුඛතාව හිමිව ඇත්තේ ලංගම, දුම්රිය, විදුලිබල හා වෙළඳ කලාප සඳහායි.
වෙනදාට ලංගමට නිකුත් කරන ලීටර් ලක්ෂ තුනහමාරත් හතරත් අතර ප්‍රමාණය මෙවර දෙගුණ කර ලබාදීමටයි තීරණය කර ඇත්තේ.
ඒ, පෞද්ගලික බස්රථ සහ සංචාරක කර්මාන්තයට අදාළ වාහන සඳහා ලබාදීමේ අරමුණින්.
ඉන්ධන ලබා ගැනීම සඳහා අද පෙරවරුවේත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |