ලංකාවෙන් යුක්රේන ජාතිකයන්ට අලුත්ම විශේෂ දෙයක් මෙන්න !

sri lanka Ukraine gagana news Sri lanka sinhala news today trending news
By krishani Feb 27, 2022 09:33 AM GMT
krishani

krishani

Report

රුසියානු හා යුක්රේන ගැටුම හේකුවෙන් සිය රට බලා යාමට නො හැකිව සිටින යුක්රේන සංචාරකයන්ගේ වීසා කාලය දීර්ඝ කිරීමට රජයේ අවධානය යොමු වී තිබෙනවා.

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පෙන්වා දෙන්නේ හෙට (28) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට මෙ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන බවයි.

දැනටමත් මේ පිළිබඳ විදේශ කටයුතු අමාත්‍යාංශය ආගමන විගමන ‍දෙපාර්කමේන්තුව සමග සාකච්ඡාකරමින් සිටින බවද ඔහු පෙන්වා දෙනවා.

සංචාරකයන් සදහා වීසා ලබා දෙන්නේ අවම මාසයක කාලයකට බැවින් මේ වන විට මෙරට රැඳී සිටිට යුක්රේන ජාතිකයන්ගේ වීසා අවසන් වන කාලය ද සැලකිල්ලට ගෙන අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට යි මින් අපේක්ෂා කෙරෙන්නේ.

සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තාවලට අනුව මේ වන විට යුක්රේන සංචාරකයන් 4000කට ආසන්න පිරිසක් මෙරට රැදී සිටින අතර, මෙරට රැදී සිටින රුසියානු සංචාරකයන් සංඛ්‍යාව 11500කට ආසන්න ප්‍රමාණයක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now