ප්‍රහාරයේ පරීක්ෂණ ගැන චමුදිත සෑහිමකට පත් වන්නේ ද ? ඒ ගැන ඔහු කියන කතාව

sri lanka gagana news Sri lanka sinhala news today trending news Mr.Chamuditha Samarawicrama
By krishani Feb 21, 2022 08:30 AM GMT
krishani

krishani

Report

තමාගේ නිවෙසට එල්ලවූ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ ගැන තමා කිසිසේත්ම සෑහීමට පත් නොවන බව හිරු රූපවාහිනි ආයතනයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා පැවැසීය.

නිවෙසට පහරදීමේ සිද්ධිය සම්බන්ධ කාරණයක් ගැන විමසීමට තමා පොලිස්පතිවරයා දුරකථනයෙන් ඇමතීමට කීපවරක්ම උත්සාහ ගත්තත් ඔහු සම්බන්ධකර ගැනීමට නොහැකි වූ බවද සමරවික්‍රම මහතා පැවැසුවේය.

රටේ මහත් ආන්දෝලනයට තුඩු දුන් මෙම සිදුවීම ගැන තවම පරීක්ෂණ පවත්වන්නේ ගල්කිස්ස පොලිස් කොට්ඨාශයේ නිලධාරීන් බව පැවසූ හෙතෙම මෙම පරීක්ෂණය පොලීසියේ විශේෂ අංශයකට පැවරීමට පවා පොලිස්පතිවරයා කටයුතු කර නැතැයිද චෝදනා කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවෙකු හෝ මෙතෙක් අත්අඩංගුවට ගෙන නැතැයිද චමුදිත සමරවික්‍රම මහතා කීවේය.

නිවෙසට පහරදීමේ සිද්ධියෙන් පසු තමාට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදෙන ලෙස ඉල්ලීම් කර ඇතත් මෙතෙක් ඒ සඳහා ක්‍රියාමාර්ග ගෙන නැති බවත් මේ තත්වය යටතේ තමාගේ ජීවිතය තවදුරටත් අනතුරේ පවතින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now