ගීතාගේ ගෙදරටම ආ අයෙක් මරණ තර්ජනය කරලා !

sri lanka gagana news Sri lanka sinhala news today trending news Mrs.Geetha Kumarasighe
By krishani Feb 21, 2022 05:42 AM GMT
krishani

krishani

Report

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහට බැන මරණීය තර්ජනය කිරිම සම්බන්දයෙන් පුද්ගලයකු ඊයේ (20) තොටකනත්ත ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි අයෙක් අත්අඩංගුවට ගත්බැව ඌරගස්මංහන්දිය පොලිසිය පවසයි.

ණය මුදලක් ලබා නොදීම සම්බන්දයෙන් සැකකාර පුද්ගලයා මන්ත්‍රිවරියගේ හඹුරුගල පිහිටි නිවසට ගොස් බැන, මරණීය තර්ජනය කොට ඇති බව පොලිසිය සදහන් කළේය.

මන්ත්‍රීවරිය විසින් පොලිසියට කරණු ලැබූ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අයුතු ඇතුල්විම හා බැන මරණිය තර්ජනය කිරිම සම්බන්දයෙන් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now