මැයි මාසයෙන් පසු ටයර් වලට වෙන දේ !
sri lanka
gagana news
Sri lanka sinhala news
today trending news
tires
By krishani
ඩොලර් හිඟයේ බලපෑම හේතුවෙන් ලබන මැයි මාසයෙන් පසු ඇතැම් සුඛෝපබෝගී වාහන වර්ගවල ටයර් හිඟයක් ඇති විය හැකි බව ටයර් ආනයනකරුවන් පවසනවා.
මේ වන විට වෙළඳපලේ ආනයනික ටයර්වල හිඟයක් නොපවතින නමුත් ඇතැම් කළු කඩ වෙළඳුන් හිඟයක් මවා පා ටයර් මිල ඉහළ නැංවීම අනුමත නොකරන බවයි, ආසියානු ටයර් ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සුනිල් ෆොන්සේකා ප්‍රකාශ කළේ.
මෙරට තුළ වාහන අසූ තුන් ලක්ෂ තිස් එක්දහසක් පවතින අතර සමස්ථ ටයර් අවශ්‍යතාව තිස් එක් ලක්ෂ දහඅට දහස් පන්සියයක්.
ඉන් දහඅට ලක්ෂ පනස් පන්දහසක් මෙරට තුළ නිෂ්පාදනය කරන අතර දොලෙස් ලක්ෂ හැට තුන්දහස් පන්සියයක් ආනයනය කරන බව ආසියානු ටයර් ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සුනිල් ෆෝන්සේකා සඳහන් කලා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |