ඉන්දියාවම කළඹවමින් සුපිරි නිළියකට මෝටර් රථයක් තුළ කරපු අපරාධය වීඩියෝ දර්ශනත් සමග මුදාහැරලා !

actress Sri lanka sinhala news today trending indian news a case
By krishani Feb 19, 2022 05:05 AM GMT
krishani

krishani

Report

2017 පෙබරවාරි 17 වැනිදා මෝටර් රථය තුළදී ලිංගික අතවරයට ලක්වූ ජනප්‍රිය නිළියක් වන භාවනා මේනන් නමැත්තියගේ වීඩියෝවක් සාක්ෂි ලෙස උසාවියට ලබාදීමෙන් පසු එය ආරක්ෂිතව තිබෙනවා වෙනුවට ඒවා මේ වන විට පහළ උසාවියකින් සමාජයට ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

2017 වසරේදි ලිංගික අතවරයකට ලක්වීමේ මෙම නඩුව වීඩියෝ මුදා හැරීම සම්බන්ධයෙන් මේ වන විට කේරලා ප්‍රාන්තයේ ශ්‍රේෂ්ඨාධිකරණයට විමර්ශනයක් ඉල්ලා නඩුවක් ගොනු කර තිබෙනවා.

භාවනා මේනන් සදහන් කර ඇත්තේ එම දර්ශන පිටවීමත් සමඟ තම පෞද්ගලිකත්වය උල්ලංඝනය වී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් රංගන ශිල්පිනිය ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු වෙත ලිපියක් යවා ඇති අතර ලිපියේ පිටපතක් ජනාධිපති රාම් නාත් කෝවින්ද්, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, කේරළ මහ ඇමැති පිනරායි විජයන් සහ මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් කර ඇත.

ඇයගේ ලිපියෙන් නිළිය පවසන්නේ අවසරයකින් තොරව දර්ශන විවෘත කිරීම කම්පන සහගත සිදුවීමක් බවයි. අධිකරණයෙන් තමන්ට සාධාරණයක් ඉටුවනු ඇතැයි අපේක්ෂා කළත් තමන්ට බලවත් අසාධාරණයක් සිදුව ඇති බව ඇය පවසනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now