මොළය මිය ගිය ගැබිනි මවක වීරවරියක් ලෙස දින 123 කට පසු නිවුන් දරුවන් බිහි කළ සංවේදි පුවතක් !

world Pregnant mother trending news gagana news Sri lanka sinhala news
By krishani Feb 19, 2022 03:03 AM GMT
krishani

krishani

Report

මෙම පුවත මිට වසර කීපයකට පෙර සිදු වූ බ්‍රසීලයෙන් වාර්තා වෙනවා. බ්‍රසීලියානු ජාතික ගර්භණී කාන්තාවක් වූ ෆ්රෑන්ක්ලීන් ඩා සිල්වා සැම්පෝලි හට පැඩිල්හා මස්තිෂ්ක රක්තපාත තත්ත්වයෙන් ගැබ්ගෙන සති 9 කදී මොළයෙන් ඇය මිය ගියේය.

නමුත් ඒ වන විටත් ඇය ගර්භනී කාන්තාවක් වූ බැවින් දින එකසිය විසිතුනක් ජීවිතයත් සමග සටන් කරමින් තම නූපන් නිවුන් දරුවන්ට ජීවිතය ලබාදීමට ඇය කටයුතු කළා.

ඇගේ මොළය මිය ගියද ශරීරය අනෙකුත් අවයව සම්පූර්ණයෙන්ම ඉතා හොඳින් ක්‍රියාත්මක වූ බැවින් වෛද්‍යවරුන් හට ඇගේ නිවුන් දරුවන් බේරා ගැනීමට හැකිවිය.

ඇගේ නිවුන් දරුවන් දෙදෙනා නොමේරු දරුවන් ලෙස උප ලැබූ අතර ඇනා විටෝරියා කිලෝග්‍රෑම් 1.4 ක් සහ අසාෆ් කිලෝග්‍රෑම් 1.3 ක් ලෙස උපත් බර සදහන් විය.

දරුවා බිහිකිරීමෙන් පසු ඇය මියගිය අතර මේ ගැන සංවේදී වූ ඇගේ මව ප්‍රකාශ කර සිටියේ ''මම මගේ දුව ගැන ආඩම්බර වෙනවා ඇයව අහිමි වීම මට දරාගන්න බැහැ නමුත් ඇය අවසානයේ දක්වාම වීරවරියක් රණශූරයෙක් ලෙස ජීවිතය සමග සටන් කරමින් ඇගේ ගේ ලස්සන නිවුන් දරුවන් මෙලොවට බිහි කරා ඇය ඒ දරුවන්ට ජීවිතය ලබා දුන්නා ඒ ගැන මට ආඩම්බරයි'' යනුවෙන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now