ප්‍රියන්ත කුමාරගේ මරණයේ උණුසුම යන්නටත් කලින් පකිස්තානයේ සිදු වූ අදහාගත නොහැකි ඛේදනීය ඝාතනය !

pakistan dead gagana news Sri lanka sinhala news today trending
By krishani Feb 19, 2022 02:08 AM GMT
krishani

krishani

Report

ප්‍රියන්ත කුමාරගේ මරණයේ උණුසුම යන්නටත් මත්තෙන්, පාකිස්ථානයෙන් තවත් ඛේදජනක සිදුවීමක් වාර්තා වනවා.

ඒ, මානසික රෝගී තරුණයෙකු හිත්පිත් නොමැතිව ඝාතනය කිරීමේ සිදුවීමක්.

පකිස්තානයේ පන්ජාබ් පළාතේදී ආගමික ග්‍රන්ථයක් අපකීර්තියට පත් කළ බව පවසමින් මැර පිරිසක් විසින් පුද්ගලයකු ගල් ගසා මරා දමා තිබෙනවා.

අනතුරුව එම පුද්ගලයාගේ සිරුර ගසක එල්ලා ඇති බව පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ.

මෙම සිදුවීම පකිස්ථානයේ දැඩි ආන්දෝලනයට ලක්වූ සිදුවීමක් බවට පත්ව තිබෙනවා. පසුගිය සෙනසුරාදා සවස ඛානේවාල් දිස්ත්‍රික්කයේ ජන්ගල් ඩෙරවාලා ගම්මානයේ මෙම සිදුවීම සිදුව තිබෙනවා.

පුද්ගලයෙක් ශුද්ධ වූ කුර්ආනයේ පිටු ඉරා දමා ඇති බවට චෝදනා කරමිනුයි මෙලෙස ඝාතනය කර ඇත්තේ.

පහරදීමට පෙර පොලිසිය එම ගමට පැමිණ ඇතත් මැර කණ්ඩායම මෙම ඝාතනය සිදුකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now