ගම්පහ උපකාරක පන්තියක වැසිකිළියක තිබී හමු වූ කැමරාවෙන් පසු පන්තිවලට සිදු කළ අලුත්ම වැඩේ මෙන්න !

sri lanka tution class gagana news Sri lanka sinhala news today trending news at Gampaha
By krishani Feb 19, 2022 12:10 AM GMT
krishani

krishani

Report

ගම්පහ නගර සභාව සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එක්ව ගම්පහ නගරයේ සියලුම උපකාරක පන්ති පරීක්ෂාවට ලක් කළහ.

ගම්පහ, සිරිකුරුස මාර්ගය අසල මහල් ගොඩනැගිල්ලක පවත්වා ගිය උපකාරක පන්තියක කාන්තා වැසිකිළියක කැමරාවක් සවිකොට තිබීමේ සිද්ධිය වාර්තා වීමත් සමග ගම්පහ පුරපති එරංග සේනානායක සහ ගම්පහ කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මෙම පියවර ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් පුරපතිවරයා සදහන් කර සිටියේ අධ්‍යාපනික නගරයක් වන ගම්පහ නගරයේ උපකාරක පන්තියක් පවත්වාගෙන යනු ලබන ස්ථානයක මෙවන් සිද්ධියක් වාර්තා වීම අප්‍රසන්න තත්ත්වයක් බවත් දැඩි විශ්වාසයකින් යුතුව මව්පියවරුන් දරුවන් උපකාරක පන්තිවලට සහභාගිකර වන බැවින් එම විශ්වාසය මෙන්ම ආරක්ෂාව සුරක්ෂිත වන අන්දමින් පවත්වාගෙන යුතු බවයි.

මේ අතර ජේෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික සිල්වා මහතා ප්‍රකාශ කොට සිටියේ, උපකාරක පන්ති සදහා පැමිණෙන සිසු දරුවන්ට , එම ස්ථානයන් දැඩි සුරක්ෂිත ස්ථානයන් වශයෙන් පවත්වාගෙන යාම එම ස්ථාන පවත්වාගෙන යන තැනැත්තන්ගේ වගකීමක් වන බවත් නිසියාකාරයෙන් පන්ති පවත්වාගෙන යාම පිනිස නගර සභාව මගින් සිදු කරනු ලබන කටයුතු සදහා පොලීසිය අවශ්‍ය සහාය ලබා දීම සිදු කරන බවත්ය.

මෙම පරීක්ෂාවේදී ස්ථාන ගණනාවක පැවති අඩුපාඩු පෙන්වා දුන් අතර එම අඩුපාඩු සකස්කර ගැනීමට උපදෙස් දුන් බව නාගරික පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක නන්දන පතිරගේ මහතා පැවැසීය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now