දුම්රිය දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාව ගැන හෙළිදරව්වක් !
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මැදිහත්වීම සහ උපදෙස් මත ධාවනයට එක් කර නොතිබූ 'එම් 11' වර්ගයේ ඉන්දියානු නව දුම්රියක් යළි ධාවනයට එක් කිරීමේ අවස්ථාව උදාවී ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පවසනවා.
අද (18) පෙරවරුවේ මරදාන ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සභාපතිවරයා කියා සිටියේ, මෙවැනි අක්‍රමිකතා සිදු වී ඇත්තේ දුම්රිය දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාව හේතුවෙන් නිසා බවයි.
මහජන මුදලින් මෙරටට ගෙන ආ අදාළ ඉන්දීය දුම්රිය මෙලෙස යළි භාවිතයට ගැනීමට හැකිවීම පිළිබඳ ව තම සංගමය වඩාත් සතුටු වන බවයි සභාපති සුමේධ සෝමරත්න පැවසුවේ.
අද (18) දින වැල්ලවත්තේ සිට ගල්කිස්ස අතර දුම්රියක් ක්‍රියා විරහිත වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සභාපතිවරයා සඳහන් කළේ, අදාළ දුම්රිය සඳහා එම්.11 වර්ගයේ දුම්රියක් යෙදෙව්වත්, එය වැල්ලවත්ත සිට මරදාන දක්වා රැගෙන ඒමට ද තවත් වර්ගයක, එනම් 'එම් 10' වර්ගයේ එන්ජිමක් ඊට යෙදීමට සිදු වූ බවයි.
මේ හේතුවෙන් සිදු වූයේ මගීන්ගේ මුදල් සහ කලය බෙහෙවින් අපතේ යෑම බව ද හෙතෙම පෙන්වා දුන්නා. දුම්රිය දෙපාර්තමේන්තුව සතුව බොහෝ කාර්මික ශිල්පීන් සහ නිලධාරින් සිටිය ද නිසි නියාමනයකින් තොරව මෙම කටයුතු සිදුවන බැවින් මේ ආකාරයෙන් දුම්රියෙහි දෝෂ ඇති වී අතරමග ඇනහිටීමේ අවස්ථා ඇතිවීම කිසිදු විමතියකට කරුණක් නොවන බවයි සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.
මේ හේතුවෙන් අදාළ අංශ සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යවරයා ප්‍රමුඛ රජය විසින් ද නිසි අවධානයක් යොමු කොට මේ සඳහා කඩිනම් විසඳමු සැපයීමට උත්සාහ කරනු ඇති බව තම සංගමය හුදෙක් අපේක්ෂා කරන බව සභාපති සුමේධ ප්‍රකාශ කළා.
එමෙන්ම එළඹෙන උත්සව සමයේ දී ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් නව දුම්රිය සේවාවක් යොදවා ඇති අතර, ඒවායේ ගමන් කිරීමට දෙස් විදෙස් සංචාරකයින් බොහෝ සේ ප්‍රියතාවක් දක්වන බවට ද හෙතෙම සඳහන් කළේ.
මෙවන් තත්ත්වයක් තුළ දී විවිධ මාර්ග වසා දමමින් මෙම වැඩපිළිවෙළ විනාශ කිරීමට ඇතැමුන් දරන උත්සාහය වහාම වැළැක්වීමට රජය විසින් පියවර ගැනීමටත්, උඩරට සිට කන්කසන්තුරය දක්වා පවතින දුම්රිය සංඥා පද්ධතියේ ඇති අකාර්යක්ෂමතාව දුරැලීමට ද රජය විසින් වහාම අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇති බව ද දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපතිවරයා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පැවසුවේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |