විදෙස්ගත වන ශ්‍රී ලාංකිකයන්ට විශේෂ නිවේදනයක් මෙන්න !
විදෙස්ගත වන ශ්‍රී ලාංකිකයන් සඳහා අවශ්‍යතාවය අනුව බූස්ටර් එන්නතෙන් පසු සිවු වැනි කොරෝනා මර්දන එන්නත් මාත්‍රාවක් ලබාදීමට සූදානම් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා.
විවිධ රටවල පවතින නීතිරීති අනුව විදෙස්ගත වන මෙරට ශ්‍රමිකයින්ට ගැටලුවකින් තොරව විදෙස් ගතවීම සඳහා බූස්ටර් එන්නතෙන් පසු තවත් එන්නත් මාත්‍රාවක් ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළා.
මේ අතර, කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියේ යම් පුද්ගලයෙකුට උණ රෝගී තත්ත්වයක් ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙසයි.
මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ ලොව පුරා තුන්වන කොරෝනා රැල්ලකට හේතුවූ ඔමික්‍රොන් ප්‍රභේදයේ ව්‍යාප්තිය අඩුවෙමින් පවතින බවයි.
එහි තාක්ෂණික ප්‍රධානී මරියා වෑන් කර්කොව් සඳහන් කළේ, ඔමික්‍රොන් ප්‍රභේදය ඩෙල්ටා තරම් දරුණු නො වූවත්, නො සළකා හැරිය හැකි ප්‍රභේදයක් නොවන බවයි.
විශේෂයෙන් බී ඒ දෙක, නැමති ඔමික්‍රොන් අනුප්‍රභේදය ඉහළ සම්ප්‍රේෂණ හැකියාවකින් යුක්ත වන අතර, එය, බී ඒ එක ප්‍රභේදයට වඩා රෝගය අසාධ්‍ය කිරීමට හේතුවන්නේද යන්න පිළිබඳ පරීක්ෂණ තවදුරටත් පැවැත්වෙනවා.
ලොව පුරා දැන් වාර්තාවන සෑම කොරෝනා ආසාදිතයන් පස්දෙනෙකුගෙන් එක් අයෙකුම බී ඒ දෙක ඔමික්‍රොන් ප්‍රභේදය ආසාදනය වූවන්.
එමෙන්ම පසුගිය සතිය තුළ ලොව පුරා කොරෝනා මරණ 75,000ක් වාර්තාවූ බවයි ලෝක සෞඛය සංවිධානයේ තාක්ෂණික ප්‍රධානී මරියා වෑන් කර්කොව් සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |