අහසට වෙඩි තබා සිය දරුවා පැහැර ගත්,හොරණ ම භීතියෙන් සලිත කළ නීලක, අවසන් ගමන් ගියේ මෙහෙමයි ! (VIDEO)

gagana news sri lanka sinhala news today ttrending news
By krishani Feb 18, 2022 03:33 AM GMT
krishani

krishani

Report

T56 ගිනි අවියකින් අහසට වෙඩි තබා සිය දරුවා පැහැරගෙන ගිය, මිනී මැරුම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ ඊශ්වරගේ දොන් නීලක සඳරුවන් හෙවත් හොරණ නීලක නැමැත්තා හොරණ - අඟුරුවාතොට ප්‍රදේශයේදී පොලීසිය සමග ඇති වූ වෙඩි හුවමාරුවකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔහු සැගවී සිටින බවට ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය ඔහු සැගව සිටි නිවසක් ඊයේ(17) දහවල් වැටලූ අවස්ථාවේ මෙම වෙඩි හුවමාරුව සිදුව ඇති බවයි පොලීසිය සදහන් කළේ.

හොරණ - කඳන ප්‍රදේශයේ කාන්තාවක් භාරයේ සිටි 7 හැවිරිදි දරුවෙකු අහසට වෙඩි තබා මෙලෙස පැහැරගෙන ගොස් තිබුණා. මිනී මැරුම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ හොරණ නීලක නැමැත්තා මෙලෙස පැහැරගෙන ඇත්තේ, සිය නැන්දම්මා භාරයේ සිටි ඔහුගේ දරුවා බවයි පරීක්ෂණ පවත්වන උසස් නිලධාරියෙකු සදහන් කළේ.

සැකකරු මීට දින කිහිපයකට පෙර සිය බිරිඳගේ අත් පා වෙන් වන ලෙස තියුණු ආයුධවලින් කපා දමා තිබූ අතර, ඔහුගේ බිරිඳ මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සඳහන් කළේ.

එම සිද්ධියට සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශන සිදු කරමින් පවතින අතරතුර පෙරේදා රාත්‍රියේ මෙම පුද්ගලයා පැමිණ මෙලෙස අහසට වෙඩි තබා සිය දරුවා පැහැරගෙන ගොස් ඇත.

සැකකරු හොරණ බැල්ලපිටිය ප්‍රදේශයේ නිවසක් තුල පැහැර ගනු ලැබූ දරුවා රඳවාගෙන සිටින බවට පරීක්ෂණ පවත්වනු ලබන පොලිස් නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ඊයේ දහවල් එම නිවස වටලා තිබෙනවා.

එහිදී එම පුද්ගලයා පොලිසියට වෙඩි තැබීමක් සිදුකර ඇති අතර අනතුරුව පොලිස් නිලධාරීන් මේ සම්බන්ධයෙන් හොරණ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් දැනුවත් කර ඇතැයි සඳහන්.

පසුව විශේෂ කාර්ය බලකායේ ක්ෂණික ප්‍රහාරයක යතුරුපැදි කණ්ඩායම් නිලධාරීන් එම ස්ථානයට පැමිණ ඇති අතර ඔවුන්ට ද සැකකරු නිවස තුල සිට වෙඩි තබා තිබෙනවා. අනතුරුව අදාළ නිවසට ඇතුලු වූ නිලධාරීන් ක්ෂණිකව ප්‍රති ප්‍රහාර එල්ලකර ඇති අතර එහිදී සැකකරු මියගොස් තිබෙනවා.

එම පුද්ගලයා වෙඩි තැබීමට යොදාගත් ටී 56 ගිනි අවිය ද විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. නීලක නම් මෙම සැකකරු අපරාධ රැසකට සහ මනුෂ්‍ය ඝාතනයකට ද අවශ්‍ය කර සිටි අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ. 

විඩියෝ දර්ශන - හිරු news


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now