මාස 05ක් දුම්රිය මාර්ග වැසේ.ජනතාවට කුමක් සිදු වේවි ද? තීරණය මෙන්න !
sri lanka
train
railway
gagana news
Sri lanka sinhala news
today trending news
By krishani
ගමන් කාලය විනාඩි 40කින් පමණ අඩුකරගැනීම වෙනුවෙන් සිදුකරන ප්‍රතිසංස්කරණ කටයුත්තක් වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන තිබෙනවා.
ඒ අනුව මාර්තු මස 5 වනදා සිට අනුරාධපුර – ඕමන්තේ දුම්රිය මාර්ගය මාස 05ක කාලයක් සදහා වසා දැමීමට තීරණය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
මාර්තු 05 වන දිනෙන් පසු කොළඹ සිට අනුරාධපුරය බලා පමණක් දුම්රිය ගමන් කිරිමට නියමිත අතර යාපනය සිට කිළිනොච්චිය දක්වා පමණක් දුම්රිය ධාවනය වනු ඇති.
අදාළ ගමනාන්ත අසළින් අනුරාධපුරයේ සිට යාපනය දක්වා බස් සේවයක් ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර තිබෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා වැඩිදුරටත් පැවසුවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |