එන්නත් දෙකම ලබා සිටි දෙදරු පියෙකුට වුන අදහාගත නොහැකි ඛේදනීය ඉරණම !
ගෝනවල , පමුණුවිල පුදේශයේ එන්නත් දෙකක් ලබා ගෙන සිටි දෙදරු පියෙකු කොරෝනා වයිරසය ආසාදනය වි මිය ගොස් ඇත.
මෙසේ මරණයට පත් වූයේ ගෝනවල , පමුණුවිල පුදේශයේ පදිංචිව සිටි 77 හැවිරිදි දෙදරු පියෙකි.
ඊයේ ( 14 දා ) රාත්‍රියේ නිවසේදී මොහුට පපුවේ අමාරුව ඇති වී කිරිබත්ගොඩ රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් තිබේ.
මොහු මියයාමෙන් පසුව කිරිබත්ගොඩ රෝහලේදී සිදු කළ ඇන්ටිජන් පරික්ෂණයෙන් ඔහුට කොරෝනා වයිරසය ආසාදනය වි තිබෙන බවට තහවුරු වී ඇත.
දැනට දින දෙකකට පමණ ඉහත ඔහුගේ පුතාට කොරෝනා වයිරසය ආසාදනය වි නිවසේ නිරෝධානය වෙමින් සිටින අතර මියගිය අය කොරෝනා මර්දන එන්නත් දෙකක් ලබා ගෙන සිටි බවද කියති.
මේ පිළිබඳව මරණ පරික්ෂණය අද ( 15 දා ) පෙරවරුවේ පැවැත්වු බියගම හදිසි මරණ පරික්ෂක වෛද්‍ය හර්ෂජිත් ගුණසේකර මහතා ඔහුගේ මරණය කොරෝනා වයිරසය ආසාදනයෙන් ඇති වී තිබෙන බවට නිගමනය කරන ලදී.
සපුගස්කන්ද පොලිසියේ සැරයන් ජයරත්න මහතා ( 48892 ) සාක්කි මෙහෙයවනු ලැබීය. මොහුගේ මෘතදේහය දෙල්ගොඩ , සියඹලාපේවත්ත ආදාහනාගාරයේදී ආදාහනය කරන ලදී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |