ඉවතලන හිස් පානීය ජල බෝතල්වලින් පාරිභෝගිකයන්ට ලැබෙන පුදුම හිතෙන මුදල් වාසිය මෙන්න !
හිස් ප්ලාස්ටික් වතුර බෝතල්වලට සල්ලි ලැබෙන විදිය පරිසර හිතකාමි ජල බෝතල් ව්‍යාපෘතියක් සතොස හරහා ක්‍රියාත්මක කිරීමේ වැඩසටහනට මේ වන විට ආරම්භ කර තිබේ.
ඒ අනුව සතොස පානිය ජල බෝතලයක් මිල දී ගෙන පානය කර අවසන් වී නැවත සතොස ට භාරදුන් විට රුපියල් 10ක මුදලක් පාරිභෝගිකයාට ගෙවීමක් සිදුකරන බව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඒ අනුව පානිය ජල බෝතල් රාජ්‍ය, සංස්ථා, ව්‍යවස්ථාපිත, මණ්ඩල, රජයේ දෙපාර්තමේන්තු මිල දී ගැනීමේ දී සුවිශේෂි රාජ්‍ය වියදම් අවම කිරීමට ද වැඩපිළිවෙලක් සකස් කර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක් වු ඒ මහතා,
"මේ පානීය ජල බෝතලයක් SLS ලාංඡන සහිත රුපියල් 35යි සිල්ලර මිල. එහිදී රජයේ ආයතනයක් තොග වශයෙන් මිල දී ගැනීමේ දී අපි ලබාදෙනවා වට්ටමක් සියයට 17.22ක් රුපියල් 6ක්. එවිට ජල බෝතලය රුපියල් 9යි. ආපසු භාරදුන් විට දෙනවා රුපියල් 10ක්. ජල බෝතලයක් සඳහා රජය වියදම් කළ යුත්තේ ශුද්ධ වශයෙන් රුපියල් 19යි. ඒ නිසා රාජ්‍ය ආයතන සියල්ලගෙන් අපි කාරුණික ආයාචනයක් කරනවා පරිසරයට මේම බෝතල් මුදාහැරීමෙන් සිදුවන මහා ව්‍යවසනය වැළැක්වීමට රු 19ක් අවසානයේ දැරීමට සිදුවන සතොස පානීය ජලබෝතල් මිලදී ගන්නා ලෙස."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |