"දරුණු අපරාධකරුවන් හුරතල් කරලා පලක් නෑ.අනිවාර්යයෙන්ම මරණීය දණ්ඩනේ ක්‍රියාත්මක කළ යුතුයි" මොකක්ද මේ ඇහෙන කතාව.ඉදිරියේ දී ක්‍රියාත්මක කරයිවත් ද ?
මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු තෝරාගත් සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ වන පුද්ගලයන්ට අනිවාර්යෙන්ම මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවැසීය.
එවැනි පුද්ගලයන් හුරතල් කිරීමෙන් පලක් නොවන බවද හෙතෙම සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසූවේ අපරාධ නඩු විධාන සංග්‍රහය( සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.
සංවිධානාත්මක අපරාධවල යෙදෙන පුද්ගලයන්ට මරණ දඬුවම ලබා නොදෙන්නේ ඇයි දැයි මෙහිදී ප්‍රශ්න කළ නිමල් සිරිපාල ද සිල්වා මහතා මරණ දණ්ඩනය යුත්තේ පොඩි පොඩි කුඩු පැකට් ළඟ තබාගෙන සිටින අයට නොව මත්කුඩු කිලෝ සියය දෙසීය ගෙනැවිත් ජාවාරම් කරන අයට බවද ප්‍රකාශ කළේය.
අද බොහෝ දෙනා මේ ගැන කතා කිරීමට බියවී සිටින බව පැවසූ කම්කරු අමාත්‍යවරයා එවැනි අපරාධ කරුවන්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට වැඩපිළිවෙළක් අරඹන්නැයි තමා අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන බවද සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |