"මට හිටගන්න පුළුවන්...පඩිපෙළ නඟින්නත් පුළුවන්.." - සියල්ලන්ම පුදුම කරමින් සුෂුම්නාවට හානි වූ පුද්ගලයෙක් දෙපයින් හිටගනියි !

Switzerland patients world news gagana news today trending news Sri lanaka sinhala news
By krishani Feb 09, 2022 04:12 AM GMT
krishani

krishani

Report

විද්‍යාව කියන්නෙ දවසින් දවස නව පර්‍යේෂණයන් තුළින් අලුත් වන විෂය පද්ධතියක්.

අද වන විට විද්‍යාවට කළ නොහැකි දෙයක් නැති තරම්. එලෙස විද්‍යාව හා තාක්ෂණය භාවිතයෙන් කෙරුණු පුදුම සහගත සාර්ථක පර්යේෂණයක් පිළිබඳව ස්විට්සර්ලන්තයෙන් අහන්න ලැබෙනවා.

ඒ සුෂුම්නාවට හානි වූ පුද්ගලයෙකුට ඇවිදීමට අවස්ථාව ලබාදීම පිළිබඳවයි.

මෙලෙස ඇවිදීමට වාසනාව ලබන්නේ යතුරුපැදි අනතුරක් හේතුවෙන් කොඳු ඇට පෙළ විනාශ වී අංශභාග තත්ත්වයකට මුහුණ දී සිටි පුද්ගලයෙක්.

මයිකල් රොකාති නම් මේ පුද්ගලයා මෙලෙස ඇවිදීමට වාසනාව ලබන්නේ වසර පහකට පසුවයි. ඒ ස්විට්සර්ලන්තයේ වෛද්‍ය පර්‍යේෂකයින් කණ්ඩායමක් විසින් කළ සාර්ථක පර්‍යේෂණයකින් අනතුරුවයි.

ඔවුන් විසින් නිපදවන ලද බද්ධ කළ හැකි උපකරණයක ආධාරයෙන් මෙලෙස රොකාතිට ඇවිදීමට වාසනාව ලැබී තිබේ. සිදු වූ අනතුරින් පසුව ඔහු අංශභාග තත්ත්වයට පත්වුණු අතර ඔහුගේ දෙපා ක්‍රියාත්මක නොවිණි.

සුෂුම්නාව සම්පූර්ණයෙන්ම පාහේ විනාශයට පත්විය. පර්‍යේෂණ කණ්ඩායම විසින් අදාල උපකරණය සවිකිරීමෙන් පසුව,

"මට හිටගන්න පුළුවන්..මට පඩිපෙළ නඟින්නත් පුළුවන්..දැන් මම සාමාන්‍ය ජීවිතයක් ගෙවනවා.." යනුවෙන් ඔහු සිය සතුට පළකර තිබේ.

කෙසේ නමුත් පර්‍යේෂණ කණ්ඩායම පවසන්නේ රොකාතිගේ උත්සාහයත් මෙම සාර්ථකත්වයට බෙහෙවින් හේතු වූ බවයි.

තොරතුරු Nature medicine සඟරාව ඇසුරිනි


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now