ආරවුලක් නිසා සිත්පිත් නැති මනුෂ්‍ය ඝාතනයක් !

sri lanka crime Gagana news Sri lanka sinhala news today trending news
By krishani Feb 09, 2022 02:59 AM GMT
krishani

krishani

Report

ගම්පහ පොලිස් වසමේ ලක්ෂ්මී පාර ප්‍රදේශයේ, නිවසක ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

ඊයේ (08) අලුයම් කාලයේදී ලක්ෂීමිපාර ප්‍රදේශයේ නිවසකට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු නිවැසියා සහ තවත් දෙදෙනෙකු සමග ආරවුලක් ඇති කර ගෙන ඇත.

ඇති වූ ආරවුල දුරදිගයාමෙන් පසු නිවසේ සිටි පුද්ගලයා සහ තවත් දෙදෙනෙකුට යතුරුපැදිකරුවන් විසින් තියුණු ආයුධයකින් පහරදී ඇති බව පොලීසිය පවසයි.

පසුව තුවාලකරුවන් තිදෙනා ගම්පහ රෝහල ඇතුළත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී එක් පුද්ගලයෙකු මියගොස් ඇත.

අනෙක් දෙදෙනා ගම්පහ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටින බව පොලීසිය සඳහන් කරයි.

එලෙස මියගොස් ඇත්තේ, 62 හැවිරිදි ලක්ෂ්මී පාර, ගම්පහ ප්‍රදේශයේ පදිංකරුවෙකි.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් අවුරුදු 35 සහ 32 වයස්වල පසුවන ගම්ප ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඊයේ ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

එම සැකකරුවන් ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගකර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now